කසකස්තානයේ පැවති ආසියානු ඕල් ස්ටාර් මලල ක්රීඩා සූරතාවලියේදී ඔලිම්පික් පරිසාධන මට්ටමට පිවිසීමේ අපේක්ෂාවෙන් තරග වැදි මංජුල කුමාරට එම කඩ ඉමට පිවිසීමට නොහැකි විය.මීටර් 2.22 ක උසක් තරණය කළ මංජුල එහිදී තෙවන ස්ථානය දිනූ අතර පිළිවෙලින් ප්රථම සහ දෙවන ස්ථාන ලැබූ කසකස්තානයේ විටාලි ටෙසිකුනොව් සහ සර්ජි ෂෙසිමොවිච් ට ද ඉක්මවා යාමට ලැබුණේ,මිටර් 2.22 ක් පමණි.
විශාල බලාපොරොත්තු ඇතිව මෙම ක්රීඩා උළෙලට මංජුල මෙන්ම සිය පෞද්ගලික වියදමෙන් සහභාගි වූ මංජුල ගේ විශේෂඥ පුහුණුකරු නාගලිංගම් එදිරිවීරසිංහම් මෙහිදී ලද පන්නරය උපයෝගී කර ගනිමින් ශ්රී ලංකාවේ පැවත්වෙන තේරීම් තරග වලදී සිය උපරිමයට පිවිස ඔලිම්පික් වරම් ලැබීමට උත්සාහ දරනු ඇතැයි සිතිය හැකිය.
www.supirikrida.com

No comments:
Post a Comment