Jul 4, 2012

ඇමති බිල්ලට දී තමන්ගේ මඩිය පුරවන බාදුරා මලක් වූ පිහාටු මල් පරිපාලනය


ලාංකේය බැඩ්මින්ටන් ක්‍රීඩාව පසු ගිය කාලයේ යම් යහපත් ගමණක් යනු ඇතැයි දැනෙන්නට ගත්තද මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා ද නොමග යවමින් සිය පෞද්ගලික අපේක්ෂාවන් පෙරට දමා ගෙන ක්‍රියා කරන පරිපාලනය ඒ පිළිබදව ගැටළුවක් මතු වූ විට එය අමාත්‍යවරයාගේ උවමනාවට කළ බව බෙන්නා දෙන්නට උත්සාහ කරන බවක් පෙන්නයි.මේ වන විට මෙහි සර්ව බලධාරියා බවට පත් ව සිටින අම්බලන්ගොඩ ප්‍රදේශයේ අයෙකු සිය පිරිස යොදවමින් තරග විනිසුරුවන්ට පවා පහර දීමට සැරසෙමින් මෙය ද ක්‍රීඩා අමාත්‍යංශයේ න්‍යාය පත්‍රයට ඇතුළත් අංගයක් ලෙස සමාජ ගත කරන්නට පුරසාරම් දොඩමින් සිටියි.
ජනාධිපතිවරයාට ඉතා හිතවත් බව කියන දකුණේ පාර්ලිමේන්තු මංත්‍රී වරයෙකු ජනාධිපතිවරයාගේ තවත් පවුලේ සාමාජිකයෙකු හරහා ක්‍රීඩා ඇමතිවරයාට බලපෑම් කරමින් බැඩ්මින්ටන් ක්‍රීඩාව හැසිරවීම හරහා මේ ක්‍රියා කළාපය කර ගෙන යන බව ඒත්තු ගන්වමින් මේ ක්‍රියාදාමයන් පවත්වා ගෙන යාමට වර්ථමාන බැඩ්මින්ටන් පරිපාලය ක්‍රියා කර ගෙන යයි.එහි ප්‍රතිපලය කිසිදු ලැජ්ජාවකින් සහ හිරිකිතයකින් තොර තීරණවලට එලැඹීම වන අතර ඒ නිසා ආසියානු කණිෂ්ඨ තරගාවලියේ කළමණාකරු තනතුරට බැඩ්මින්ටන් ක්‍රීඩාවට කිසිදු සම්බන්ධයක් නැති අම්බලන්ගොඩ ප්‍රදේශයේ ‘දෙලා’ නැමැති අනවර්ථ නාමයකින් හදුන්වන අයෙකු පත් කිරීමට ද පෙළඹෙයි.මොහු පිළිබදව වඩාත් පහසුවෙන් තොරතුරු ලබා ගැනීමට දකුණේ පොලිස් ප්‍රධානින් ඇමතීමෙන් හැකි වන අතර එවැන්නෙකු කණිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාවට යෙදවීම පිලිබදව බරපතල තත්ත්වය ඉන් පසුව වටහා ගැනීමට හැකි වනු ඇත.
ඒ නිසා බැඩ්මින්ටන් පරිපාලනය ක්‍රීඩා ඇමතිවරයාද පාලනය කරන චණ්ඩියෙකු ලෙස අම්බලන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයාව බැඩ්මින්ටන් සමාජයේ බෞතීස්ම කර ඔහුගේ පදයට නැටීමේ සාධාරණත්වය ඒත්තු ගන්වමින් ඒ පුද්ගලයාගේ පුත්‍රයාට වරප්‍රසාද ප්‍රදානය කිරීමේ සහ ඔහුගේ අවශ්‍යතා පිනවන චණ්ඩි හිතවතුන්ට වරප්‍රසාද ප්‍රදානය කරන තැනක් බවට පත් වෙමින් තිබීම ශෝචනීය තත්ත්වයකි.
නමුත් මේවා සමාජගත වන්නේ පෙරහැරේ කසකරුවන් ද ගිය පසුවය.අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන ඝූමිකාව කරන පුද්ගලයාගේ දරුවා මෙන්ම ඔහුගේ සගයා ද වර්ථමානයේ දකුණු පළාතේ පාර්ලිමේන්තු මංත්‍රීවරයාත් ඔහු හරහා ජනාධිපතිවරයාගේ පවුලේ සමීපතම දේශපාලන ජ්‍යෙෂ්ඨයාත් උපයෝගී කරගෙන දකුණේ බැඩ්මින්ටන් බලය පිළිබද අපූරු චිත්‍රයක් මවා පෙන්නුවත් ඔවුන් ගේ දරුවන් දෙදෙනාම මේ සංචාරයට එක් ව සිටින්නේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් වලට ඇතුළත් වීමෙන්ය.එම පාසලේ ගුරුවරියකට සංචාරයට කාන්තා කණ්ඩායම් භාර නිලධාරිණිය ලෙස එක්වීමට වරම් ලැබෙන්නේද ක්‍රීඩිකාවන් වැඩි පිරිසක් සහභාගිවන කණ්ඩායමේ ඒ ක්‍රීඩිකාවක සිටින පාසලක ගුරුවරියකට අවස්ථාව ලැබීම වළක්වමින්ය.
මේවා ප්‍රමාද වී සමාජගත වීමට ප්‍රධාන හේතුව එම සංචාරයට අදාළ වරප්‍රසාද හදුනාගත් අද මේ ගැටළුවට එරෙහිව කතා කරන පුද්ගලයෙකු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටි සිය පුතුට මෙම තරග සංචාරයේදී හිමිවිය යුතු මුදල් අනුග්‍රහය ලැබේය යන විශ්වාසය පදනම් කරගෙන මෙම ගැටළුව සගවා ගත්තේය.ඒ නිසා මෙම සංචාරයේදී ආසියානු තරගාවලියේ මුදල් අනුග්‍රහය සැබවින්ම හිමිවිය යුතු දක්ෂතම ක්‍රීඩකයන් මුදල් හිග කම  නිසා මෙම සංචාරයෙන් ඉවත්ව සිටින අතර ඒ නිසාම මේ තරගාවලිය නියෝජනය කරන වැඩි වරප්‍රසාද සහ තරග හිමිකර ගත් ක්‍රීඩකයන් යළි මෙරටට පැමිණි පසු හෝ එම වයස් ඛාණ්ඩ වල සිටින තරගකරුවන් හා තරග වැදුනහොත් නිවැරදිම චිත්‍රය දැකගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයාට හැකියාව ඇත.
තරගාවලිය සම්බන්ධයෙන් ලැබෙන වරප්‍රසාද සගවමින් මේ සදහා ප්‍රබලයන් දායකවීම වැළක්වීම මෙන්ම ඒ වරප්‍රසාද සැබෑ දක්ෂයන්ට ලබා දී සීමිත පිරිසක් සහභාගි කරවීම ගැන නොතැකූ බැඩ්මින්ටන් පරිපාලය අවධානය යොමු කළේ ලැබෙන මුදල හිතවතුන්ගේ දරුවන්ට දානය කොට ඉතිරි ගුවන් ප්‍රවේශපත්‍ර සදහා තරමක වැඩි මුදලක් එකතු කර 10 දෙනෙකු සහභාගි වන විට නොමිලේ ලැබෙන ගුවන් ටිකට් පතත් ගෙන නිලධාරීන් නොමිලේ විදේශගත කිරීමේ වරප්‍රසාදය භුක්ති විදීමය.එසේ නොමැතිනම් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව කළ ආකාරයට ක්‍රීඩකයන් හයක් සහ ක්‍රීඩිකාවන් හතක් මෙම තරගාවලියට සහභාගි කරවීම රටක සම්ප්‍රදාය නොවන අතර ක්‍රීඩා අමාත්‍යංශයේ කිසිවෙකු බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අධීක්ෂණ නිලධාරී තනතුරක නියැලෙන්නේ නම් එම තරගාවලියට සහභාගි වන සෙසු රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණය ගණනය කර මෙහි සත්‍ය අසත්‍යතාවය සොයා ගැනීමට හැකියාව ඇත.
මේ තත්ත්වය නිසා රටේ ක්‍රීඩාව පිළිබද ආකල්පය දැඩිව පළුදු වීම සිදුවිය හැකි අතර ඊට හොදම උදාහරණය මෙම තරගාවලියේදීම වාර්තා විය.සාමාන්‍යයෙන් දැනට තරගයක ලකුණු ලැබෙන ක්‍රමයට අනුව ක්‍රීඩිකාවක හෝ ක්‍රීඩකයෙකුට තරගවටයක ලකුණු නොලැබෙන්නට නම් ඇය හෝ ඔහු කෙතරම් දුර්වල ද යන්න වටහා ගැනීම අපහසු නැත.මෙම තරග සංචාරයේදී මිශ්‍ර යුගල තරගයක දී එවැනි ප්‍රතිපලයක් ද ලැබී ඇති අතර මෙවැනි සිදුවීම් වලට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ නිවැරදි දක්ෂයන් ප්‍රමාණය නිවැරදි තේරීමකින් තෝරා ගැනීම වෙනුවට නිලධාරීන්ගේ වරප්‍රසාද පිළිබදව සිතා නොමිලේ ලැබෙන ගුවන් ටිකට් පත ගැන සිතා විශාල නඩයක් තරගාවලිය සදහා සහභාගි කරවීම නිසාය.
කණ්ඩායම සමග එක් වූ නිලධාරිණියට කොරියවේදී විවෘත කරන ලෙස දන්වා දුන් ලියුම් කවරයේ තිබූ හැටියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග සදහා යොමු කිරීම සිදු වූ අතර එහි දී ජගත් කණිෂ්ඨ ශ්‍රේණිගත කිරීම් වල 62 වන ස්ථානයේ සිටින තිළිණි හෙන්දහේවා ට එකදු කේවල  තරගයක් හෝ ලබා දී නැත.කලෙකින් රටකට පහළ වන ආකාරයේ ක්‍රීඩිකාවක වන ඇය පසුගිය කාලයේ විදේශ පුහුණුව නිසා නැවත ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම්වල පහළට වැටුණු නමුත් ඇය ශ්‍රී ලංකාවේ අංක එක ක්‍රීඩිකාව ලෙස ද කැපී පෙණුනාය.
ඒ තත්ත්වය වුව ද වර්ථමාන බැඩ්මින්ටන් පරිපාලනය රටේ ක්‍රීඩාවට දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දක්වන ආදරය සෙනෙහස තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය.මේ සියල්ල අමාත්‍යවරයාට වැඩි දුරක නොයා සිය මේසය මතදීම http://www.tournamentsoftware.com හරහා සියළු දත්ත සමග ප්‍රතිපල ලබා ගැනීමට ද හැකියාව ඇති බැවින් පළමුව එතුමාද හොදින් දන්නා ලංකවේ සිටින ප්‍රබලතම සහ අප සතුව සිටින ප්‍රබලතම කණිස්ඨ ක්‍රීඩිකාව ලෙස ලෝකය ඉදිරියේ ඔප්පු කර ඇති තිළණි හෙන්දහේවා ට කර ඇති පරීක්ෂා කිරිම වැඩි අපහසුවකින් තොරව විමසා බැලීමට හැකියාව ඇත.
මේ ආකාරයටම නිලූක කරුණාරත්නට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලැබුණු මුදල් වරප්‍රසාද පිළිබදව බැඩ්මින්ටන් පරිපාලනය වැරදි තොරතුරු අමාත්‍යවරයාට ලබා දෙමින් අමාත්‍යවරයා හරහා බොරු සංඛයා ලේඛණ ඉදිරිපත් කරවීය.මේ පිළිබදව නිලූක කරුණාරත්නට ගෞරව දැක්විම පිණිස 80 සමාජයේ පැවති උත්සවයේදි අමාත්‍යවරයා පැමිණීමට පෙර බැඩ්මින්ටන් සභාපතිවරයාම මාධ්‍යයට ප්‍රකාශ කළේ අමාත්‍යවරයා කරුණු වරදවා තේරුම් ගෙන ඇති බවත් එතුමා ප්‍රකාශ කරන මිළ ගණන් නිලූකට පමණක් ලබා නොදුන් ඒවා බවත් එය මුළු බැඩිමින්ටන් ක්‍රීඩාව වෙනුවෙන් ලබා දුන් ඒවා බවත්ය. මේ තත්ත්වය නිසා අමාත්‍යවරයා එවැනි ක්‍රීඩකයෙකුට ලබා දිය යුතු වරප්‍රසාද කප්පාදු කරවන තත්ත්වයට පත් කර ඇති අතර ලෝකයේ ප්‍රබලතම ක්‍රීඩකයන් පැරද වූ ඔහුට ලබා දෙන අවම කිරීමට අමාත්‍යවරයා තීරණය කරන්නේ බැඩ්මින්ටන් පරිපාලනය ලබා දී තිබෙන තොරතුරු මත පදනම්ව ක්‍රීඩකයා පවසන දේ සහ එම තොරතුරු අතර පරස්පරතාවයන් සළකා වන අතර නමුත් ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලැබුණු මුදල් වැඩිපුරම වියදම් කර ඇත්තේ කා වෙනුවෙන්ද යන්න බව නිවැරදිව ක්‍රීඩකයාගෙන් සහ ක්‍රීඩිකාවගෙන් ක්‍රීඩිකාවට ලෙස නිවැරදි දත්ත ලබා ගැනීමෙන් විසදා ගැනීමේ හැකියාව ඇත.
එසේම මේ සියල්ල පිටුපස විශාල භූමිකාවක් කරන්නේ අමාත්‍යවරයා විසින් විසුරුවා හරින ලද පසුගිය පරිපාලනයේ සිටි මෙවර යළිත් ඉදිරිපත් නොවන ලෙස අමාත්‍යවරයාම දැන් වූ නමුත් යළිත් පරිපාලනයට පැමිණි පුද්ගලයෙක් ය.ඔහු එම වැරදි සාධාරණය කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් යන්නෙ කොහෙද මල්ලේ පොල් පිළිතුරු බදිමින් සිටියි.කෙසේ හෝ බරපතලම වරද බැඩ්මින්ටන් පරිපාලනය වන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාට දකුණු පළාතේ මංත්‍රීවරයා  ජනාධිපතිවරයාගේ  පවුලේ ප්‍රබල සාමාජිකයෙකු දෙන උපදෙස් මත බව කියමින් මේ මුළු වැරදි ක්‍රීඩා අමාත්‍යවරයාගේ උවමනාවට සිදුවන බව පෙන්වීමට බැඩ්මින්ටන් පරිපාලනය දරන උත්සාහය නිසා මේ ඛේදවාචකයේ ප්‍රධාන වගකිවයුත්තා අමාත්‍යවරයා වී ඇත.ඒ නිසා අමාත්‍යවරයා එසේ නොවන බව පෙන්වීමට නම් කොරියාවේ සංචාරයෙන් දක්ෂයන් වැළකීම,සහභාගි වූ දක්ෂයන්ට නිසි වටිනාකම දෙනු වෙනුවට වෙනත් අයට වරප්‍රසාද පිරිනැමීම මෙන්ම තමන්ට බොරු තොරතුරු ලබා දී වැරදි දේ ප්‍රසිද්ධ කරවීමෙන් ක්‍රීඩාවටත් ක්‍රීඩකයන්ටත් තමන්ටත් හානි කර දේ සිදුකිරීම මෙන්ම බැඩ්මින්ටන් ක්‍රීඩාවට කිසිදු සම්බන්ධයක් නැති උදවිය කණ්ඩායම් කළමණාකරුවන් ලෙස පත් කරමින් ක්‍රීඩාව හෑල්ලුවට ලක් කිරීම ආදී කරුණ පිළිබදව විමසා බැලීමක් කළ යුතුව ඇත.
එසේ නොවන්නේනම් බල්ලන් සමග ලැගීමේ විපාකයක් ලෙස බලු මැක්කන් සමග නැගිටීමට සිදු වූ අයෙකු ලෙස මෙම වැරදි සහගත සිදුවීම් වලට අමාත්‍යවරයාගේ මැදිහත්වීම ගැන බැඩ්මින්ටන් පරිපාලනය කියන දෙයට තමාද සම්බන්ධ බවට ඒත්තු ගැන් වෙන්නට හැර නිහඩව සිටීමට අමාත්‍යවරයාට සිදු වනු ඇත.

No comments: