ලාංකේය බැඩ්මින්ටන් ක්‍රීඩාව නැංවීමේහිලා පුරෝගාමී මෙහෙවරක් කළ ආරියදාස සිල්වා ශ්‍රීමතාණන් ස්මරණය කරමින් පවත්වන ආරියදාස සිල්වා අනුස්මරණ බැඩ්මින්ටන් තරගාවලියේ විවෘත කාන්තා සූරතාවය පළමු යොවුන් ඔලිම්පික් උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ භාග්‍යය ලත් ලේඛා ෂෙහානි විසින් දිනා ගත්තාය.ඇය වෙතින් අවසාන තරගයේදී පරාජය ලද්දේ වර්ථමානයේ තරග පිටියේ සිටින ජ්‍යෙෂ්ඨතම සහ පළපුරුදුම ක්‍රීඩිකාව වන රේණු චන්ද්‍රිකා ද සිල්වා ය.පිරිමි සූරතාවය ලසිත මේනක විසින් දිනා ගත් අතර ඔහු අවසාන තරගයේදී ලක්ෂිත මාදුවගේ පරාජය කළ අතර ලසිත ඊට අමතරව චන්ද්‍රිකා ද සිල්වා සමග එක්ව මිශ්‍ර යුගල සූරතාවයද දිනා ගත්තේය.
ලේඛා ෂෙහානි ද කාන්තා කේවල සූරතාවයට අමතරව චන්ද්‍රිකා ද සිල්වා සමග එක්ව කාන්තා යුගල අනු සූරතාවය දිනා ගත් අතර තිලිණි ජයසිංහ, උපුලි සමන්තිකා සමග එක්ව කාන්තා යුගල සූරතාවය ද,හසිත චානක සමග එක්ව මිශ්‍ර යුගල අනු සූරතාවය ද දිනා ගත්තාය.පිරිමි යුගල සූරයන් වූයේ හසිත චානක සහ ආර්එස් දහනායක ය.අනු සූරතාවය ඉරේෂ් මධුරංග සහ ආර්එස් කසුන් විසින් දිනා ගනු ලැබීය.
අවුරුදු 35 න් පහළ පිරිමි කේවල සූරතාවය ලක්ප්‍රිය එදිරිසිංහ විසින් දිනා ගත් අතර එම යුගල අනු සූරතාවයද ලක්ප්‍රිය,බීඑච් හේමන්ත සමග එක්ව දිනා දුන්නේය.ලක්ප්‍රිය ඉදිරියේ කේවල අනු සූරතාවය දිනූ සුභාෂ් චානක යුගල සූරතාවය දිනා ගත්තේ එම්ඩබ්ලිව් ධනේෂ් සමග එක් වෙමින්ය.
අවුරුදු 40 න් ඉහළ පිරිමි සූරතාවය සම්පත් පීරිස්ට හිමි වූ අතර එහි යුගල සූරතාවය කමල් ගම්ලත් සහ ඩී සේනාරත්න විසින් දිනා ගන්නා ලදී.අවුරුදු 50 න් ඉහළ තරග වටයේ දී බැඩ්මින්ටන් සංගමයේ සභාපති පරාක්‍රම බස්නායකට සිදු වූයේ ඩබ්ලිව්එම් ආරියසේන ඉදිරියේ පරාජය වන්නටය.ඉන් නොනැවතුණු ආරියසේන එස් ගලබඩ සමග එක්ව එම වයස් ඛාණ්ඩයේ යුගල සූරතාවය ද දිනා ගත්තේය.
තරගාවලිය ආශ්‍රිතව කණිෂ්ඨ තරග කිහිපයක් ද වයස් ඛාණ්ඩ අනුව ක්‍රියාත්මක වූ අතර එහි සූරතාවයන් බෙදී ගිය ආකාරය දැක්වෙන තරග සංවිධාන කමිටුව නිකුත් කළ නිල ප්‍රතිපල ලේඛනයේ කොටසක් මේ සමග දැක්වේ.
Under 11 Boy's Singles
Runner up – E.Madushanka
Winner – G.M.Dinura
Under 11 Girl's Singles
Runner up – S.Vidanage
Winner – N.Wijewardena
Under 13 Boy's Singles -Runner up – J.Perera -Winner – T.Gonapinuwala
Under 13 Girl's Singles -Runner up – S.De Silva -Winner – Anurangi.H
Under 17 Boys singles -Runner up – K.Amarasena -Winner– B.Gunathilaka
Under 17 Girls singles -Runner up – B.Deemanthi - Winner – M.Dilrukshi
No comments:
Post a Comment