තායිලන්තයේ බැංකොක්,කාන්චන්බුරි,චන්බුරි යන නගර
කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක ආසියානු ග්‍රොන්ප්‍රී තරගාවලිය නියෝජනය කිරීම
සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු සහභාගි වන බව මලල
ක්‍රීඩා අතුරු කමිටු ආරංචි මාර්ග අනාවරණය කරයි.තරගාවලිය නියෝජනයට ඇතුළත් වන ෂෙහාන්
අඹේපිටිය ජැමෙයිකාවේ සිට තායිලන්තයට පැමිණෙන අතර ඔහු එහිදී මීටර් 100 තරගයට සහභාගි
වීමට නියමිතය.ක්‍රිස්ටීන් මෙරිල් මීටර් 400 කඩුලු මතින් දිවීමේ කාන්තා තරගය
නියෝජනය කිරීම සදහා තායිලන්තය බලා පැමිණෙන්නේ ඇමෙරිකාවේ සිටය.
මෙම දෙදෙනාට අමතරව ප්‍රසන්න අමරසේකර (මීටර්
400),මංජුල කුමාර (උස පැනීම),වරුණ ලක්ෂාන් දයාරත්න (හෙල්ල වීසි කිරීම) සහ චන්ද්‍රිකා
සුභාෂණී (මීටර් 400) යන ක්‍රීඩක ක්රීඩිකාවෝද මෙම තරගාවලියට එක් වෙති.
1 comment:
show your colour Shehan, we hope your record
Post a Comment