ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා
සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සදහා නම්කර ඇති ශ්‍රී
ලංකා සංචිතයට පළපුරුදු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් ඇතුළත්ව සිටින අතර මේ තත්ත්වය
නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලබා දීමේදී විශාල තරගයක් ඇතිවනු ඇති බව මලල ක්‍රීඩා
ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දක්ෂතා දක්වා
ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් දකින්නට ඇති අතර විරාජ් රන්දෙණිය,ලහිරු ප්‍රසංජිත්,දිලීප
අබේකෝන්,සීපී වීරසිංහ,ඉදුනිල් හේරත් මෙන්ම මෙ වන විටත් ස්පාඤ්ඤයේ බාසිලෝනා හී
පැවත්වෙන ජගත් කණ්ෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලබා සිටින මිලාන් මධුෂ්ක
දිසානායකත් ක්‍රීඩකයන් අතර නායකත්වය සදහා පෙරමුණේ සිටින අතර ක්‍රීඩිකාවන් අතරින්
අක්ෂනා මාරලන්ද,පබසරා සේනානායක,මධුෂානි නිමේෂා සිරිවර්ධන,ශිවන්ති කුමාරි සිරිවර්ධන,නදීශානි
හෙන්ඩර්සන් පෙරමුණේ සිටිනවා.
කෙසේ නමුත් මේ කිසිවෙකුට
නොමැතිව නායකත්ත්ව ලක්ෂණ ඇති ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට මෙම නායකත්වය හිමිවීමට
ද ඉඩ ඇති බව ද එම ආරංචි මාර්ග සදහන් කරනවා.
No comments:
Post a Comment