උදම් අනන්නී අනීෂා
බටහිර ඉන්දී කොදෙව් දූපත් හී සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා
ක්‍රිකට් කණ්ඩායම ඊයේ බ්‍රිජ්ස්ටවුන් හි පැවති පළමු එක්දින තරගයෙන් කොදෙව් ක්‍රීඩිකාවන්
ඉදිරියේ ලකුණු 88 කින් පරාජයට පත් විය.කාසියේ වාසිය ලා පළමුව පන්දුවට පහරදුන්
කොදෙව් ක්‍රීඩිකාවන් ගේ ඉණිමට අර්ධ ශතක තුනක් ඇතුළත් වූ අතර ඒ අතරින් නායිකා
මෙරිස්සා ඇගුලේරා ගේ ඉණිම වඩාත් ප්‍රබල බලපෑමක් එල්ල කළ අතර ඇය පන්දු 64 ක් තුළ
ලකුණු 62 ක් ලබා ගත්තාය.වැඩිම ලකුනු ලාභිණිය වූ ෂැනල් ඩැලේ ලකුණු 63 ක් ලැබූ අතර
ආරම්භක පිතිකාරිණිය ස්ටෙෆනි ටේලර් ලකුණු 53 ක් රැස් කළාය.
ශ්‍රී ලංකා පන්දු යැවිමේ දී කැපී පෙණුනම ක්‍රීඩිකාව වූ
මධුරි සමුද්දීකා සිය පන්දු ඕවර් 10 ලකුණු 39 ට සීමා කරන අතරතුර කොදෙව් කඩුලු දෙකකට
වග කීවාය.චාමිනි සෙනවිරත්න ද ලකුණු 40 ට කඩුලු 2 ක් දවා ගත්තාය.
පිළිතුරු ඉණිමට මුහුණ දීමට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්
අතරින් වාර්තා වූ සාර්ථකම ඉණිම ක්‍රීඩා කළ නායිකා ඩිලානි මනෝදරා ලකුනු 37 ක් රැස්
කළ අතර ශෂිකලා සිරිවර්ධන ලකුණු 34 ක් ලැබුවාය.ශ්‍රී ලංකා ඉණිම සුණුවිසුණු
කිරීමේහිලා පෙරමුණ ගත් දකුණතින් පිට දග පන්දු යවන අනීෂා මොහොමඩ් ශ්‍රී ලංකා
පිතිකරුවන් පස් දෙනෙකුම ලකුණු 34 ට දවා ගත්තාය.ඊයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල් වරට
ජාත්‍යන්තර තරග පිටියට පැමිණි ඉනෝකා රණවීර ට පන්දු යැවීමෙන් සාර්ථක වීමට අවස්ථාවක්
නොලැබුණු අතර ඇය විසින් යවන ලද පන්දු ඕවර් 6 තුළ කොදෙව් ක්‍රීඩිකාවන් ලකුණු 35 ක්
රැස් කර ගෙන තිබිණි.
|
No comments:
Post a Comment