කොළඹ දී පැවත්වීමට නියමිත ආසියානු කණිෂ්ඨ මලල ක්රීඩා
සූරතාවලියට සහභාගි වන ක්රීඩක ක්රීඩිකාවන් තෝරා ගැනීම පිණිස පවත්වාගෙන යන කණිෂ්ඨ
සංචිතයේ ක්රීඩක ක්රීඩිකාවන් 81 දෙනා සහ එම තරගාවලියට සහභාගි වීමට සුදුසු වයස්
සීමාවේ සිටින තවත් ක්රීඩක ක්රීඩිකාවන් සහභාගි වන තේරීම් තරගයක් අද දියගම මහින්ද
රාජපක්ෂ අන්තර්ජාතික ක්රීඩා සංකීරණයේ දී පැවත්වීමට නියමිතය.මේ වන විට ක්රීඩා
සංචිතයෙන් ඉවත්කර සිටින දැනටමත් ජගත් කණිෂ්ඨ මලල ක්රීඩා සූරතාවලියට සුදුසුකම් ලබා
සිටින උස පැනීමේ ක්රීඩක මිලාන් මධුෂ්ක මෙම තරගයේදී යළිත් සිය ස්ථානය දිනා ගැනීමට
තරග කරනු ඇත.
එසේම දැනටමත් මීටර් 100 ඉසව්වේ ජගත් කණිෂ්ඨ මලල ක්රීඩා
තරග පරිසාධන මට්ටමට පිවිස සිටින අසන්ත කුමාර මෙන්ම ඉකුත් ජගත් කණිෂ්ඨ මලල ක්රීඩා
තරගාවලියට සුදුසුකම් ලබා ගැනිමේ පරිසාධන මට්ටමට පිවිසි හිමාෂ අසාන් සහ තිමේෂ හේවගේ
වැනි ක්රීඩකයන් අතර ද තියුණු තරගයක් ඇති විය හැකි අතර බොහෝ විට බලධාරීන් මෙම ක්රීඩකයන්
තිදෙනා සම්බන්ධයෙන් මෙන්ම පීඑස්ඒසී නදීශාන් පිළිබදවද යොමු කරන අවධානයේ ප්රමාණය
අනුව ඔවුන්ට ආසියානු යොවුන් තරගාවලියේ දක්ෂතා සමග ජගත් කණ්ෂ්ඨ මලල ක්රීඩා
තරගාවලියේ දී එම තරගාවලිය නියෝජනය කරන මිටර් 4x100 කණ්ඩායම් අතර ශ්රී ලංකාව රැදවීමට ද පුළුවන් කමක්
ලැබෙනු ඇතැයි සිතිය හැකිය.
කෙසේ වුවත් රන් පදක්කම් දෙකකට සහ රිදි පදක්කම් හයකට සීමා
වී ඇති ශ්රී ලංකාවේ ආසියානු කණිෂ්ඨ මලල ක්රීඩා සූරතා ජයග්රහණ සදහා මෙම
තරගාවලියේදී තවත් ජයග්රහණ එකතු කර ගැනීමට නම් ආසියවේ කණිෂ්ඨ මලල ක්රීඩාවේ
යථාර්තය දැන ගැනීම වැදගත් වනු ඇත.පහත දැක්වෙන්නේ ඉකුත් දෙසැම්බර් 31 වන දා වන විට
ආසියාවේ වඩාත්ම ඉදිරියෙන් සිටි කණිෂ්ඨ ක්රීඩකයන් සහ ක්රීඩිකාවන් ඒ ඒ ඉසව් වලින්
දක්වා තිබෙන දස්කම්ය.
(මෙම සබදතාවය මත තෙරපන්න)
No comments:
Post a Comment