Apr 25, 2012

නිලූක ගේ කර පිටින් ලන්ඩන් යන්න හැදූ නිලධාරීන්ට විරෝධය

න්ඩන් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා සිටින නිලූක කරුණාරත්නත් සමග එම තරගාවලියට පුහුණුකරු සහ කළමණාකරු ලෙස ක්‍රීඩකයාගේ ඉල්ලීම නොතකා එහි නලිධාරීන් දෙදෙනෛකු සහභාගි වීමට ගත් උත්සාහයට ඊයේ බැඩ්මින්ටන් විධායක කමිටුවේ දී විරෝධය එල්ල වී තිබෙන බව වාර්තා වේ.විශේෂයෙන්ම මෙම තරගාවලියට සහභාගි වීම සදහා විදේශ තරගාවලි සදහා සහභාගි වීමට බැඩ්මින්ටන් පරිපාලනයට අනුග්‍රහයක් ලබා දීමට වත්කමක් නොතිබි අතර ඒ සදහා ඉදිරිපත් වූ මැක්ලරන්ස් ආයතනයේ ප්‍රධානි රොහාන් ද සිල්වා ප්‍රමුඛ මනිලාල් ප්‍රනාන්දු අතුළු පිරිසක් එම ජාතික වගකීමට උර දී කටයුතු කළේය.
අවසානයේ නිලූක ඔලිම්පික් වරම් දිනා ගැනීමෙන් පසුව ඒ සදහා පිවිසීමට අවශ්‍යය සුදුසුකම් ලබා ගැනීම සදහා මහා ධනස්කන්ධයක් වැය කළ රොහාන් ද සිල්වා කළමණාකරු ලෙසත් තමාගේ බැඩ්මින්ටන් ජීවිතයේ ආරම්භයේ සිටම මාර්ගෝපදේශකයා ලෙස සිටි ලුවී කරුණාරත්න පුහුණුකරු ලෙසත් සහභාගි කරවන ලෙස නිලූක ඉල්ලා ඇතත්  ඒ වෙනුවට බැඩ්මින්ටන් පරිපාලනයේ නිලධාරීන් සිය නම් යෝජනා කර ගනිමින් ලන්ඩන් ගමණට සහභාගි වීමට උත්සාහ දරා ඇත.
මේ තත්ත්වය වෙනස් විය යුතු බව මීට දින කිහිපයකට උඩ දි අප වේබ අඩවිය වාර්තා කළ අතර ඉන් අනතුරුව ඊයේ රැස් වූ බැඩ්මින්ටන් විධායක කම්ටුවේ දී එම පරිපාලන තීරණයට විරෝධය දැක් වූ බහුතර පිරිසක් ක්‍රීඩකයා ගේ ඉල්ලීමට මුල් තැන දෙමින් කටයුතු කළ යුතු බව කිම නිසා නිලධාරීන් දෙදෙනාගේ ලන්ඩන් සිහිනය හකුලා ගන්නට සිදු වී ඇත.ඒ අනුව ලැබෙන ආරංචි මාර්ග වලට අනුව අද (25) නවතම ලිපියක් මගින් ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගි වබ බැඩ්මින්ටන් නිලධාරීන් ලෙස රොහාන්ද සිල්වා ගේ නමත් ලුවී කරුණාරත්න ගේ නමත් ජාතික ඔලිම්පික් කමිටුවට ඉදිරිපත් වීමට නියමිතය.
www.supirikrida.com

No comments: