ශෂිකලා |
බටහිර ඉන්දීය කොදෙව් හි
සංචාරය කරන ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම සිය ප්රථම තරගය ලකුණු 88 කින්
පරාජය වුව ද දෙවන තරගයේදී නැවත දක්ෂාත අතරට පිවිසෙමින් තොදෙව් කණ්ඩායමට එරෙහිව
කඩුලු එකක ජයක් වාර්තා කරන්නට සමත් විය.ශෂිකලා සිරිවර්ධන ගේ තුන් ඉරියව් දක්ෂතා මෙන්ම
යශෝධා මෙණ්ඩිස් ආරම්භක පිතිකාරිණිය ලෙස ලබා ගත් ලකුණු 51 ද සමග පෙරට
පැමිණි ශ්රී ලංකා ක්රීඩිකාවෝ තරගයේ අවසාන පන්දු ඕවරයේ තවත් පන්දු දෙකක්
ඉතිරිව තිබිය දී කොදෙව් කණ්ඩායමට එරෙහිව මෙම ජය වාර්තා කළහ.
පළමුව පන්දුවට පහර දුන්
කොදෙව් ක්රීඩිකාවන් තම පන්දු ඕවර් 50 තුළ කඩුලු 9ක දැවී රැස් කළ ලකුණු ප්රමාණය
ලකුණු 197 ක් විය. එහිදි ෂෙමින් කැම්බල් කොදෙව් කණ්ඩායමට ලකුණු 56 කින් සිය
දායකත්වය ලබා දුන් අතර පන්දු යැවීමේ දී ශෂිකලා සිරිවර්ධන ලකුණු 27 ට කඩුලු 3 ක්
දවාලීය.ශ්රීපාලි වීරක්කොඩි ලකුණු 36 ට කඩුලු 2 ක් සහ චාමිනි සෙනවිරත්න ලකුණු 38 ට
කඩුලු 2 ක් දවා ගනිමින් කොදෙව් ඉණිම අඩපණ කිරීමට ශෂිකලා සමග පෙරමුණ ගත් අනෙක්
පන්දු යවන්නියන් දෙදෙනා වූහ.
පිළිතුරු ඉනිම වෙනුවෙන්
පැමිණි ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යශෝධා මෙන්ඩිස් ලබාගත් අර්ධ ශතකයට අමතරව
චාමිනි සෙනවාරත්න ලකුණු 36 ක් සහ ශසිකලා සිරිවර්ධන ලකුණු 34 ක් ලබාගෙන දක්ෂතා දැක්
වූ අතර ප්රථම තරගයේදී හ්රී ලංකා කණ්ඩායමේ පරාජය සනාත කළ අනීෂා මොහොමඩ් මෙහිදී ද
ලකුණු 29 ට නඩුලු 2 ක් දවා ගැනිමට සමත් වූවා ය.
No comments:
Post a Comment