Apr 27, 2012

ලංකාව අන්තිමයා නොවී සිටීමට ගත් උත්සාහය ව්‍යර්ථ වෙයි


තායිලන්තයේ නකොන් රචසිමා හී දී රැජින කුසලානය වෙනුවෙන් ක්‍රියාත්මක ආසියානු කාන්තා ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කණ්ඩායම තරගාවලිය නියෝජනය කළ කාන්තා කණ්ඩායම් නවය අතර අන්තිමයා නොවි සිටීමට දැරූ උත්සාහය ව්‍යර්ථ කළ බුරුමය නියෝජනය කළ ආසියා වර්ල්ඩ් කණ්ඩායම වට 3 – 2 ක් ලෙස ශ්‍රී ලංකා  කණ්ඩායම පරාජයට පත් කරමින් තරගාවලියේ අවසාන කණ්ඩායම් 8 අතරට පිවිසීමට සුදුසුකම් ලැබීය.
තරගයේ ප්‍රථම වටය ලකුනු 25 / 18 ක් ලෙස ආසියා වර්ල්ඩ් කණ්ඩායම ජයගත් අතර දෙවන සහ තෙවන වට ඔවුන් ශ්‍රී ලංකා විද්ශ සේවා කණ්ඩායම වෙතින් පරාජය ලැබුවේ 22 /25 සහ 20 / 25 ක් ලෙස ය.යළිත් සිව්වන වටයේ දී ආසියා වර්ල්ඩ් කණ්ඩායම තරගයට පිවිසෙමින් 28 / 26 ක් ලෙස ජය ලබා ගන්නා අතර තීරණාත්මක වටයේ දී ඔවුන් ජයග්‍රාහී ලකුණු 15 සීමාවට පිවිසෙන විට  විදේශ සේවා කණ්ඩායම ලබා සිටියේ ලකුණු 11ක් පමණි.
ඡායාරූපයේ දැක්වෙන්නේ විදේශ සේවා කණ්ඩායම චීනයේ ට්‍රැන්ජින් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී ක්‍රීඩා කළ අයුරුයි.තරගාවලියේ ජයග්‍රාහකයන්ට ජගත් කාන්තා ක්‍රීඩා සමාජ අතර තරගාවලිය නියෝජනය කිරිමට අවස්ථාව හිමි වන්නේය.

No comments: