http://www.youtube.com/watch?v=lFuVmfiV__A&list=PLF4D43F86A8A0C1E2&index=1&feature=plpp_video
සචින් තෙන්දුල්කාර් රාජ්‍ය
සභාව යටතේ මංත්‍රී ධූරයට පත් කිරීමට ඉන්දීය පාළක කොංග්රස් පක්ෂය ගත් තීරණය ජනතා
අප්‍රසාදයට පත් වෙමින් තිබෙන රජය සචින් ගේ ජනප්‍රියත්වයේ එල්ලී ගොඩ යාමට දරණ
වෑයමක් ලෙස ප්‍රතිවිරුද්ධ පක්ෂවල හංවඩුවට ලක් වී ඇත.ප්‍රවීන ක්‍රිකට් විචාරක
හර්ෂා බෝග්ලේ පවා සචින් ගේ තීරණය හොද තීරණයක් ලෙස හදුන්වා දෙන්නේ නැත.සන්ජේ
මන්ජෙකාර් පවා එම තීරණයෙන් විමතියට පත් වූ බව පවසයි.
කෙසේ හෝ සචින් සිය බිරිද වන
අංජලී සමග ගොස් කොංග්රස් නායිකා සෝනියා
ගාන්ධි හමු වීමෙන් ඉනික්බිති රාජ්‍ය සභවට පත්වීම සම්බන්ධයෙන් සචින් සිය කැමැත්ත
ලබා දී තිබෙන බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.39 හැවිරිදි මෙම සුපිරි පිතිකරුවා මෙන්ම
ප්‍රවීන නිළි රේඛා මෙන්ම ව්‍යාපාරිකාවක වන අනු අගා ද මෙසේ රාජ්‍ය සභාවට පත් කිරීම
සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මනමෝහන් සිං ඉදිරිපත් කළ ලිපියට ජනාධිපති ප්‍රතිපා පටෙල්
ගේ කැමැත්ත ලැබී ඇත.
No comments:
Post a Comment