බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා
කණ්ඩායමට එරෙහිව තරග වදින කොදෙව් කාන්තා කණ්ඩායමේ කඩුල්ල පිටුපස වගකීම 17 හැවිරිදි
නටාෂා මැක්ලීන් ට පැවරීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.20 හැවිරිදි කේසියා
නයිට් විසින් දරන්නට යෙදුණු වගකීම නටාෂා ට පැවරී ඇති අතර ඇය කොදෙව් කණ්ඩායමට කැදවා
ඇති පළමු අවස්ථාව ද මෙය වන්නේය.කේසියා නයිට් සංචිතයට හෝ නම් කර නොමැති අතර මේ
හෙතුවෙන් ජැමෙයිකාව නියෝජනය කරන 17 හැවිරිදි නටාෂා ට මෙම තරග සංචාරය තුළ වඩා
විශ්වසනීයත්වයකින් කඩුල්ල පිටුපස රාජකාරිය කිරීමට අවස්ථාව ලැබෙනවා ඇත.
ජැමෙයිකාවේ ශාන්ත කැතරීන් විද්‍යාලයේ සිසුවියක වන නටාෂා
දකුණතින් පිතිකරණයේ යෙදෙන්නී ය.1994 දෙසැම්බර් 22 උපත ලබා ඇති මෙම ක්‍රීඩිකාව
කෙරෙහි පළපුරුදු ක්‍රීඩිකාවක වන කොදෙව් නායිකා මෙරිස්සා ඇගුලේරා දැඩි විශ්වාසයකින්
පසුවන්නී ය.
No comments:
Post a Comment