මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙල සදහා සහභාගිවන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න සමග ලන්ඩන් ඔලිම්පික් උළෙල සදහා සහභාගි වීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලධාරීන් උත්සාහ දරන බව සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.නමුත් නිලූක මේ සම්බන්ධයෙන් තමාට විදේශ තරගාවලි සදහා සහභාගි වීමට අනුග්‍රාහකත්වය දැක් වූ රොහාන් ඩි සිල්වා ගේ නමත් තම ජීවිත කාලය පුරාම සිය බැඩ්මින්ටන් ජිවිතය වෙනුවෙන් පුහුණු උපදේශකත්වය ලබා දෙමින් කැප වුණු සිය පියා ගේ නම ද යෝජනා කර ඇත.
මේ සම්බන්ධයෙන් සුපිරි ක්‍රීඩා වෙත ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ තමන් ගේ මානසිකත්වය යහපත්ව තබා ගෙන ක්‍රීඩා කිරීමට නම් මෙම දෙදෙනා තමන් සමග සිටීමේ වැදගත් කම පවසා නිලූක ජාතික ඔලිම්පික් කමිටුවට සහ බැඩ්මින්ටන් පරිපාලනයට ද ලිපි ඉදිරිපත් කර ඇති බවය.ඔලිම්පික් කමිටුව නිලූක සම්බන්ධ ක්‍රීඩා පරිපාලනය විසින් ඔහුගේ අවශ්යයතාවය අනුව නම් ඉදිරිපත් කරන්නේ නම් රොහාන් ඩි සිල්වා ගේ නමත් නිලූක ගේ පියාගේ නමත් ඉදිරිපත් කිරීමට කිසිදු අපහසුවක් නොමැත යන තීරණයේ එළඹ සිටියත් නිලධාරීන් බැඩ්මින්ටන් බලධාරින්ට අවශ්‍යයව ඇත්තේ නිලූක යොදා ගනිමින් මෙම සංචාරයට එකතු වීමටය.
ක්‍රීඩාවට සහ ක්‍රීඩකයෙකුට අනුග්‍රාහකත්වය ලබා ගැනීමේ විශාල දුෂ්කරතාවයකින් පෙළෙන සමාජ රාමුවක් තුළ නිලූක ගේ අනුග්‍රාහකයා වෙනුවෙන් යම් කැපවීමක් කිරිම ක්‍රීඩා පරිපාලකයන්ගේ පූර්වාදර්ශය වුව ත් මේ වන තෙක් බැඩ්මින්ටන් බලධාරීන් ක්‍රීඩාවේ ජාතික සංගමය ලෙස තමන් සතු බලය තමන්ගේ අවශ්යයතාවය වෙනුවෙන් යොදා ගැනීමේ ක්‍රියා පටිපාටියෙන් ඉවත් වී නැත.මේ වන විටත් නිලූක ගේ බැඩිමින්ටන් ජීවිතයට තහංචි දමා ඔහුගේ ඔලිම්පික් සිහිනය බොද කිරීමට උත්සාහ ගත් පිරිස් මෙම පරිපාලනය තුළ රැදී සිටින බැවින් එම තත්ත්වය වෙනස් කිරීමට මැදිහත් වූ ක්‍රීඩා අමාත්‍යවරයාටම මෙම තීරණය ද වෙනස් කිරීමට මැදිහත් වීමට සිදුවනු ඇති බව අපගේ විශ්වාසය වන්නේය.
කෙසේ හෝ සමස්ත ක්රීඩාවටම දායකත්වය දක්වන අනුග්‍රාහකයන්ට එම වටිනාකම ලබා දෙමින් විශාල පූර්වාදර්ශයක් ඉදිරිපත් කිරීමට බැඩ්මින්ටන් පරිපාලනයට පරිත්‍යාගශීලී වන්නට නොහැකිනම් එම අවස්ථාව උදා කර දීමට ක්‍රීඩා අමාත්‍යවරයා හෝ මැදිහත් විය යුතු බව අපගේ විශ්වාසය වන්නේය.
www.supirikrida.com

No comments:
Post a Comment