Mar 2, 2012

මෙල්බර්න් නුවර කැන්ගරුවන් දෙවැනි කළ සිහ නාදය ට මහේල ඇතුළු පිරිසගෙන් ඉහළම තෑග්ග මෙල්බෝර්න් නුවර කැන්ගරුවන් දෙවැනි කළ සිහ නාදය ට මහේල ඇතුළු පිරිසගෙන් ඉහළම තෑග්ග මෙල්බෝර්න් නුව

Dinesh Chandimal launches into one
දිනේෂ් චන්දිමාල්
මෙල්බර්න් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණය දෙවනත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජය පැතූ ලාංකිකයන්ගේ අත්වල රැදි සිංහ ධජ අභිමානයෙන් ඔසවා තබා ගත හැකි පරිසරයක් නිර්මාණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු නවයක අති විශිෂ්ඨ සටන්කාමී ජයග්‍රහණයක් වාර්තා කළහ. 
ලකුණු සපිරි මෙල්බර්න් පිටියේ කාසියේ වාසිය ලබන්නට තරම් මහේල ජයවර්ධනට භාග්‍යය තිබිණ.නමුත් අනවශ්‍යය ලකුණක් කරා යද්දී මහේල දැවී යාමත්ඉන් අනතුරුව ඩිල්ෂාන් ගේ දැවී යාමත් නිසා ශ්‍රී ලංකා ලකුණු පූවරුව කඩුලු 2 ට ලකුණු 17 ක් විය.නමුත් එම කඩා වැටීම නැවතීමට සාර්ථක  පිළියමක් එක් කළ කුමාර සංගක්කාර සහ දිනේෂ් චන්දිමාල් තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 ක සබදතාවයක් එක් කළේය.ලකුණු 140 දී සංගක්කාර දැවී ගිය පසු ඩිල්ෂාන් ට එකතු වූ ලහිරු තිරිමාන්න යළිත් ලාංකේය ක්‍රිකට් අනාගතයේ පැහැබර බව ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ට නිදසුන් සහිතව ඉදිරිපත් කරන්නට විය.ඔවුන් දෙදෙනාගේ සබදතාවය ලකුණු පූවරුව 146 ක් වෙද්දී නැවතී ගියේ ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වෙමින් තරගයේ වීරයා වූ චන්දිමාල් ලකුණු 75 ට දැවී යාමත් සමගින්ය.
තරගයෙන් පසුව බිරිද හා සතුට බෙදා ගන්නා මහේල

සංගක්කාර 64 න් සහ චන්දිමාල් 75 න් දැවී ගිය පසු ශ්‍රී ලංකාවට තවත් අර්ධ ශතකයක් එක් කළ තිරිමාන්න කණ්ඩායමට තමාගේ ඇති අවශ්‍යයතාවය යළිත් පැහැදිළි කරමින් ලකුණු 51 ක් රැස් කළ අතර ඩැනී ක්‍රිස්ටියන් ලබා ගත් කඩුලු ත්‍රිත්වයෙන් පසුව පසු පෙළ වෙතින් වාර්තා වූ හොදම ඉණිම වාර්තා කළ රංගන හේරත් ලැබූ ලකුණු 14 ක් නොදැවී එක් කර තිබිණ.ක්‍රිස්ටියන් ලකුණු 31 ක් ලබා දෙමින් කඩුලු 5 ක් ලබද්දී අවසන් තරග පිළිබදව මහත් බලාපොරොත්තු ඇතිව කැද වූ ජේම්ස් පැටින්සන් ද ලකුණු 51 ට කඩුලු 4 ක් දවා ගනිමින් සිය කැදවීම සාධාරණ බව පසක් කළේය.
පිළිතුරු ඉණිමට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට පෙර තරගයේදී ලකුණු 321 ක් පන්දු ඕවර් 37.4 දි ලබා දුන් ලාංකේය පන්දු යවන්නන් ලිලපුට්ටන් සේ දැනෙන්ට ඇති වුව එම තරගයේ වූ වැරදි නිවැරදි කර සිටි ලාකේය ආරම්භක පන්දු යවන්නන් වන කුලසේකර සහ ලසිත් මාලිංග ලකුණු 26 ක් ලකුණු පූවරුවේ දැක්වෙන විට ඕස්ට්‍රේලියානු කඩුලු 3 ක් ම ඩැහැගෙන තිබිණ.නමුත් මයික් හසී සහ මෙම තරගයේදී මයිකල් ක්ලාක් ගේ අඩුව පුරවමින් නායකයා ලෙස ක්‍රියා කළ ෂේන් වොට්සන් ගේ නායකත් ඉණිමත් සමග හතරවන කඩුල්ල ඕස්ට්‍රේලියාවට අහිමි වන්නේ ලකුණු 113 ක් ලකුණු පූවරුවේ සටහන්ව තිබියදීය.මයික් හසී ලකුණු 29 ට සහ වොට්සන් ලකුණු 65 ට දැවී ගිය පසු ඕස්ට්‍රේලියානු ඉණිම වෙනුවෙන් වාර්තා වූ හොදම සබදතාවය ලකුණු 39 ක් වූ අතර එය නව වන කඩුල්ල වෙනුවෙන් ඩේවිඩ් හසී සහ ක්ෂේවියර් ඩොරති වාර්තා කළහ.තරගය ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වගකීම සිය දෙවුරට ගත් ඩේව්ඩ් හසී ලකුණු 74 ක ට දැවී යන විට ඕස්ට්‍රේලියානු ඉණිම ශ්‍රී ලංකා ඉණිමට වඩා ලකුණු 9 ක් පිටු පසින් විය.
පන්දු යැවීමේ දී යළි පිබිදි ලසිත් මාලිංග ලකුණු 49 ට කඩුලු හතරක් දවා ගෙන තිබිණ.පන්දු 6 න් ලකුණු 10 ක් ලබා ගැනීමේ අභියෝගය වෙනුවෙන් වගකීම පවරා ගත් නුවන් කුලසේකර අවසාන ඕවරයේ පළමු පන්දුවෙන්ම ඩේවිඩ් හසීව දවා ගැනීමත් සමගම මෙල්බර්න් ක්‍රීඩා පිටියට සිංහ ධජත් සමග රැස්ව සිටි දහස් ගණනක ලාංකිකයන් සියල්ලෝගේම ගල් ගැසී තිබූ දෑත් අත්පොළසන් නදින් ද ගොලුවී තබු මුවවල් ජය ඝෝෂා වලින් ද පරි ඉතිරී යන්නට වූහ.
පහත දැක්වෙන්නේ නිල ලකුණු විස්තරයට පිවිසිය හැකි සබදතාවය ය.http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518967.html

No comments: