Feb 26, 2012

ඉන්දියාව අද තීරණාත්මක තරගයක




කොමන්වෙල්ත් බැංකු තුන්කොන් තරගාවලියේ ඉන්දියාව අද සහභාගි වන තරගය අතිශයින් තීරණාත්මක වන අතර අද තරගය පරාජය වුවහොත් තව දුරටත් මෙම තරගාවලිය තුළ ඉන්දියාවට රැදී සිටීමට අවකාශයක් නොලැබීමට ඉඩ ඇත.මේ වන විටත් ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටින ඉන්දියාව තමන්ට ඉතිරිව ඇති තරග දෙකම ජයගැනීම අනිවාර්යය වී ඇති තත්ත්වයක සිට මෙම තරගයට මුහුණ දෙන්නේය.
පන්දු ඕවර් ප්‍රමාණය යැවීමට නියමිත වේලාවට වැඩි කාලයක් ගැනීමේ චෝදනාව මත තරගයක තරග තහනමක් විදි මහේන්ද්‍ර සිං දෝනි අද තරගයට පැමිණීම ඉන්දියාව පැත්තෙන් ශක්තියක් වුව ද,ඕස්ට්‍රේලියාව  ද ආබාධිත තත්ත්වයෙන් මිදී යළි පිටියට පිවිසි නායක මයිකල් ක්ලාක් ගේ නායකත්වය ඕස්ට්‍රේලියාවට ද ඉමහත් ශක්තියකි.තරගාවලිය පුරා කණ්ඩායම් තුනේම නායකයන් (ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන) දක්වන දක්ෂතා ඉහළ මට්ටමක පවතින අතර තිදෙනාම නායකයන් ලෙස ඉහළ දස්කම් දක්වමින් සිටියි. එම තිදෙනා අතරෙන වඩාත් අත්දැකීම් බහුල සහ කීර්තිමත් නායකයා වන්නේ මහේල ජයවර්ධන වන අතර ඒ තත්ත්වය මේ වන විට පැවති තරග වලදී ඔහු විසින් මනාව පැහැදිළි කර ඇත.

No comments: