Feb 27, 2012

“තරුණ පුහුණුකරු” වරායට වැටෙයි



ලෙකට පෙර තරුණ සේවා වොලිබෝල් කණ්ඩායම පුහුණු කරමින් සිටි අයෙක් එය හැර ගිය පසු,නැවත තරුණ සේවා කණ්ඩායම ගොඩ නැගීමට ඇප කැප වූ පුහුණුකරුවන් දෙදෙනෙකු උපක්‍රමශීලීව එයින් එළවා දැමූ අයෙක් යළිත් තරුණසේවා පුහුණුකරු ලෙස පත් වී ආවත් මේ මොහොතේ ඔහු වැඩි කාලයක් වැය කරන්නේ,ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම පුහුණු කිරීමට බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙයි.වරෙක,ඔහු තරුණ සේවා කණ්ඩායම අතරමං කර දමා හැර යාම වත්මන් සභාපතිවරයාගෙන් වසන් කරමින් තරුණසේවා සභාවේම ක්‍රීඩා අංශයේ ප්‍රධානියෙකු නැවත තරුණ පුහුණුකරුවන් දෙදෙනා වෙනුවට මොහුව නැවත පුහුණුකරු ධූරයට ගෙන ඒමට පිඹුරුපත් සකස් කර ඇති බව ද එම වාර්තා පෙන්වා දෙයි. මේ වන විට ක්‍රියාත්මක ජාතික තරගාවලියේ දී තරුණසේවා කණ්ඩායම බී කොටසින් පිටියට කැදවන්නට පිඹුරුපත් සකස් කර ඇති මෙම පුහුණුකරු වරාය අධිකාරියේ පිරිමි සහ කාන්තා කණ්ඩායම් පුහුණු කළ ශ්‍රී ලංකාවේ හිටපු සුවිශේෂී ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු  දවන අයෙකුගෙන් කාන්තා කණ්ඩායම වෙන් කර සියතට ගැනීමට උපක්‍රමශීලීව කටයුතු කර ඇති බව ද එම වාර්තා පෙන්වා දෙයි

No comments: