Mar 2, 2012

ශ්‍රී ලංකාවේ ඉරණම ඕස්ට්‍රේලියාව සතුයි

David Hussey leaps to take a catch

න්දියාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් ඉක්බිතිව ලකුණු සටහනේ ඉන්දියාව හා සමතැන් හී සිටින ශ්‍රී ලංකාව අද ඕස්ට්‍රේලියාවට එරෙහිව දක්වන දක්ෂතා අනුව අවසාන තරගයට පිවිසීමට ඇති හැකියාව තීරණය කෙරෙනවා.මේ වන විට ලකුණු ලබා ගැනීමේ ශුද්ධ වේගය අනුව ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් පෙනෙන්නට තිබුණත් අද ඕස්ට්‍රේලියාව තරගය ජය ගතහොත් සහ ශ්‍රී ලංකාව එහිදී ලබා දෙන පිළිතුර මත ශ්‍රී ලංකාවේ අවසාන තරගයට සහභාගි වීම තීරණය වීමට නියමිතයි.ඒ නිසා ශ්‍රී ලංකාව මේ තරගයේදී පරාජය වුවත් විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම වැදගත් වන අතර ලකුණු වේගය ගැන අමතක කර තරගය ජය ගැනීම වඩා වැදගත් වන අතර එසේ වුවහොත් කිසිදු බාධකයකින් තොරව අවසාන තරගයට ප්‍රවේශවීමේ හැකියාව ශ්‍රී ලංකාවට ලැබෙනවා.
අද තරගයේදී ත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක සංයුතිය වෙනස් වේ යැයි සිතිය නොහැකි අතර ඒ අනුව සචිත්‍ර සේනානනායකට කණ්ඩායමට පැමිණිමට අවස්ථාවක් හිමි වේදැයි සැක සහිතයි.මෑත කාලයේ මතු වූ හොදම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැළකෙන සචිත්‍ර,තමාට ලැබුණු අවස්ථාවන් හී කණ්ඩායම වෙනුවෙන් උපරිම සේවයක් ලබා දීමට කටයුතු කර ඇතත් තවමත් ඔහුව විශ්වාසවන්තයෙකු ලෙස නොසළකා හැරීම ඒ ක්‍රීඩකයාගේ අනාගතය පිළිබද අවිනිශ්චිත තත්ත්වයක් ඇති කිරීමක් ලෙස සිතිය හැකියි.ඒ නිසා මේ වන විට රංගන හේරත් ගේ ස්ථානය තුන් ඉරියව්වෙන්ම දක්ෂතා ඇති සචිත්‍රට ලබා දී කණ්ඩායමේ අනාගතය වෙනුවෙන් මෙන්ම ශ්‍රී ලංකා පිතිකරු බල ඇණිය ප්‍රතිවාදීන්ට පීඩනයෙන් ගැලවිය නොහැකි සංයුතියක් බවට පත් කිරීමේ හැකියාව පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් හී අවධානය තවමත් යොමු නොවීම විමතිය දනවනවා.එසේම අද තරගයේදී හෝ ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණිය ශක්තිමත් කිරීම උදෙසා තිලකරත්න ඩිල්ෂාන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස  යොදා ගන්නේ ද යන්නත් විමසා බැලිය යුතුයි.

No comments: