Feb 28, 2012

පැරදුනත් අවසාන තරගයට යන්නට ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවක්

ද හෙබාර්ට් හී පැවත්වෙන කොමන්වෙල්ත් තුන් කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය පරාජය වුව ද ශ්‍රී ලංකාවට අවසාන තරගයට පිවිසීමට අවස්ථාවක් තිබෙන බැවින් අද තරගයේ වැඩි පීඩනයක් ඉන්දියාවට එල්ලවීම නොවැළක්විය හැකිය.මේ වන විටත් ලකුණු සටහනේ ලකුණු 15 ක් ලබා සිටින ශ්‍රී ලංකාව හා සම වීමට මෙම තරගය ජය ගැනීම පමණක් ඉන්දියාවට ප්‍රමාණවත් නොවන අතර තරගය ජය ගන්නේනම් ප්‍රසාද ලකුණක් ද සමග ජය ගැනීම අත්‍යවශ්‍යය වීමත් ශ්‍රී ලංකාවේ සමස්ත දළ ලකුණු වේගය අභිබවා යා හැකි පරිදි ඉහළ ලකුණු වේගයක් පවත්වා ගැනීමත් ඉන්දියාවට අනිවාර්යෙයන් කළ යුතුව ඇති බැවින් මෙම තරගය ජය ගත්තද අවසාන තරගයට ශ්‍රී ලංකාව පිවිසීම වැළක්වීම ඉන්දියාවට පහසුවෙන් කළ හැකි වෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය.
මහේල ජයවර්ධන යළි නායකත්වයට පත් වීමෙන් අනතුරුව සහභාගිවන මෙම තරගාවලියේදී නායකයෙකු සතු විය යුතු ගුණාංග මොනවට විදහා පාමින් මහේල ශ්‍රී ලංකා කණ්ඩායමට හොද තරගයක් ලබා දීම කැපී පෙනෙයි.එහිදී ඩිල්ෂාන් තිලකරත්න නායකත්වය දරණ සමයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාවරයක් සකසා ගත් නවක ක්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල්,ලහිරු තිරිමාන්න වැනි ක්‍රීඩකයන් දක්වන දක්ෂතා ප්‍රවීන ක්‍රීඩකයන් අභිබවමින් පෙරය පැමිණ තිබෙන අතර මේ වන විට තුන්කොන් තරගාවලියේ ප්‍රබලතම පිතිකරුවා ලෙස වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා සිටින්නේ ද දිනේෂ් චන්දිමාල් ය.


No comments: