Feb 26, 2012

ඩිල්ෂාන් ගේ තුන් ඉරියව්වට ඇණ ගසයි




ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් පසුගිය කාලයේ ප්‍රකටව සිටියේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස පමණක් නොවන අතර විශේෂයෙන් ඔහු එක්දින පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස මෑත අතීතයේ පෑ දක්ෂතා ප්‍රශස්ත මට්ටමක විය.පසුගිය ලෝක කුසලාන තරගාවලියේ වීරයා වීමට යුවරාජ් සිං සහ ඩිල්ෂාන් අතර තියුණු තරගයක් ඇති වුයේ ද මෙම තන් ඉරියව් දක්ෂතා පදනම් කර ගෙනය.නමුත් මේ වන විට ඩිල්ෂාන් පන්දු යැවීම සදහා යොදා ගැනීමට නායක මහේල ජයවර්ධන කිසිදු උනන්දුවක් නොදක්වන්නේය.ඕස්ට්‍රේලියාව ලකුණු 280 ක් දක්වා ගමන් කරන අවස්ථාවේද ඩිල්ෂාන් ව අත්හදා බැලීමට හෝ මහේල උනන්දුවක් නොදැක්වීම කණ්ගාටුදායකය.
රංගන හේරත්ව දිගින් දිගට යොදා ගැනීම වෙනුවට සචිත්‍ර සේනානනායක වැනි ක්‍රීඩකයෙකු යොදවා ගෙන ඔහුගේ සහයට ඩිල්ෂාන් ගේ පළපුරුද්ද ද යොදා ගෙන කණ්ඩායමේ තුන් ඉරියව් හැකියාව ඉහළ මට්ටමකින පවත්වා ගැනීමට මහේල කල්පනා නොකිරීම විමතියට කරුණකි.මේ තත්ත්වය මත ඩිල්ෂාන් එක ළග අවස්ථා කිහිපයක පිතිකරුවෙකු ලෙස අසාර්ථක වුවහොත් කණ්ඩායමෙන් ඉවත් කිරීමට පහසු මාවතක් සැකසෙමින් තිබෙන අතර ඔහුට පන්දු යැවීමට අවස්ථාව ලබා දුනහොත් ඔහුට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම තුළ වඩාත් ස්ථාවරව සිටිමට ඉඩකඩ සැළසේ.
මහේල ජයවර්ධන විශිෂ්ඨ නායකයෙකු ලෙස උපක්‍රමශීලී වන අයුරෙන්ම තමන්ට අවශ්‍යය ක්‍රීඩා සංයුතිය දක්ෂතා දෙවන කොට සළකා සකසා ගන්නට උත්සාහ කරන්නේනම් එම දක්ෂතාවය ක්‍රිකට් වලට එතරම් හිතකර එකක් නොවන්නේය.

No comments: