Feb 29, 2012

ඩිල්ෂාන්ගේ ශ්‍රේෂ්ඨ ඉණිම පන්දු යවන්නෝ හප කර දමති

තරගයේ වීරයා වූ විරාට් කෝලි
තිලකරත්න ඩිල්ෂාන් විසින් ක්‍රියාත්මක කරන ලද සෑම අතින්ම සාර්ථක පිතිකරුවෙකුගේ ලක්ෂණ සහිත ශ්‍රේෂ්ඨ ඉණිම, ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණියේ ලසිත් මාලිංග ප්‍රමුඛ පන්දු යවන්නන් බුද්ධිය ප්‍රයෝජනයට නොගෙන ශක්තිය කෙරෙහි පමණක් විශ්වාසය තබමින් කළ පන්දු යැවීම නිසා විනාශයට පත් විය.ලෝක කුසලාන අවසාන තරගයේ දෙවන කොටස බවට මෙම තරගය පත් කළ ඉන්දීය පිතිකරුවන්, ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 320 පන්දු ඕවර් 36.4 දී ඉක්මවා යමින් කඩුලු 3 ට ලකුණු 321 ක් රැස් කළේ ශ්‍රී ලංකා කණ්ඩායම පමණක් නොව  ක්‍රිකට් ලෝකයම විමතියට පත් කරමින්ය.
එතරම් ප්‍රහාරයකට ලක් වෙද්දීත් පසු ගිය කාලයේ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ ශක්තිමත් කළ පන්දු යවන්නෙකු ලෙස ප්‍රකටව සිටින තිලකරත්න ඩිල්ෂාන් එකදු පන්දු ඕවරයක් යැවීම සදහාවත් යොදා නොගැනීමට මහේල ජයවර්ධන පියවර නොගන්නේ ඩිල්ෂාන් හා පවතින පෞද්ගලික් ගැටළුවකටදැයි සිතෙන තරම්ය.මෙම තරගාවලිය පුරාවටම පන්දු යවන්නෙකු ලෙස යොදවා නොගන්නා ඩිල්ෂාන් ට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමේ ස්ථාවරය අවසන් කිරීමේ උපායක් ක්‍රියාවට නැගෙමින් තිබෙන බවට මෙම හැසිරීම් සැක උපදවන සුළුය.
ශ්‍රී ලංකාව බිහිකළ සුවිශේෂීම නායකයෙකු ලෙස අවිවාදිත වුව ද මහේල, සිය පෞද්ගලික රුචිකත්වයන් කණ්ඩායම් හැගීමෙන් මිදී ක්‍රියාවට නංවන්නේ නම් එය සිය පෞද්ගලික ක්‍රිකට් පෞරශ්‍යයට  විනාශය කැදවා ගැනීමක් බව කිව යුතුය.එය ශ්‍රී ලංකාවට හිතකර නොවන තත්ත්වයක දී ‘වීරයා’ යන පදයේ මුල් අකුරු දෙකට ‘ද්‍රෝහී’ යන අකුරු එකතුවීම වැළකීම කෙරෙහි මහේල මීට වඩා අවධානය යෙමු කළ යුතුව ඇත.
හොබාර්ට් තණතිල්ලේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයා තම ණ්ඩායමට ඇති දැවැන්ත ඉලක්කය ඉදිරියේ දෙවනුව පන්දුවට පහර දීමේ අවශ්‍යයතාවය තේරුම් ගෙන පන්දුවර පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට පැවරුවේය.මහේල සහ ඩිල්ෂාන් යළිත් හොද ආරම්භයක් ලබා ගනිමින් ප්‍රථම  කඩුල්ලට ලකුණු 49 ක් රැස් කළ අතර මහේල ,ලකුණු 22ට දිවී ගියේය.අනතුරුව වාර්තාගත දබදතාවයක් ඇති කළ කුමාර සංගක්කාර සහ ඩිල්සාන් අතරන් සංගක්කාරගේ ප්‍රහාරය වඩා ප්‍රවේගකාරී වූ අතර ලකුණු 249 ක් ව පැවතෙද්දී සංගක්කාරගේ ඉණිම අවසන් වූයේ පන්දු 85 කින් රැස් කළ ලකුණු 105 ට ය.
ආරක්ෂාව සහ ආක්‍රමණය මනාව කැටි කොට ගත් පිරුණු පිතිකරුවෙකුගේ ඉණිමක් ක්‍රීඩා කළ තිලකරත්න ඩිල්ෂාන් පන්දු 165 ක දී ලකුණු 160 ක් ලබා නොදුවී සිටි අතර ශ්‍රී ලංකාවේ සමස්ථ ලකුණු ප්‍රමාණය වූ ලකුණු 320 න් එම ලකුණු ප්‍රමාණය හරි අඩක් විය.ඉන්දීය පන්දු යවන්නන් අතරින් අඩුවෙන් ප්‍රහාරයට ලක් වූයේ දග පන්දු යුවලය වු රවීන්දු ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින්ය.අශ්වින් කඩුලු ලබා ගත්තේ නැති වුව ද සිය පන්දු ඕවර් 10 ලකුණු 52 ට සීමා කරන්නට සමත් විය.ජඩේජා පන්දු ඕවර් 9 ක් යවා ලකුණු 43 ට කඩුල්ලක් දවා ගත් අතර සෙසු සියළු පන්දු යවන්නන්ගෙන්, ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕවරයකට ලකුණු 6 ඉක්මවා ලබා ගන්නට සමත් වූහ.
පිලිතුරු ඉණිම ඇරඹෙන විට ඉන්දියාවට මේ තරගයෙන් නැති වන්නට කිස්වක් නොතිබි අතර තරගය ජය ගැනීමෙන් මේ තරගාවලිය තුළ රැදී සිටීමේ භාග්‍යය ද ඔවුන්ගෙන් ගිලිහී තිබුණු බැවින් ඔවුන්ට අවශ්‍යය වී තිබුණේ ප්‍රසාද ලකුණක් සමග ලබා ගන්නා ජයක් පමණි.ඒ නිසා ඒ සදහා අවශ්‍යය ප්‍රවේගකාරී බව නොඅඩුව රුදුණු ආරම්භයකට පිවිසි විරේන්ද්‍ර ෂෙවාග් සහ සචින් තෙන්දුල්කාර් ප්‍රථම කඩුලල්ට ලකුණු 54 ක සබදතාවයක් ඇති කළේ පන්දු ඕවර් 6.2ක් තුළය.ප්‍රථම කඩුලු දෙක 86 ක් වෙද්දී අහිමි වීමෙන් ඉනික්බිති විරාට් කෝලි සහ ගෞතම් ගාම්බිර් එකතු කළ ලකුණු 115 ක සබදතාවය ජයග්‍රහණයේ අඩිතාලම වූ අතර ගැම්බීර් 28 වන ඕවරයේ තෙවන පන්දුවට දැවී යාමෙන් පසුව පිටියට පිවිසි සුරේස් රයිනා සහ තරගයේ වීරයාගේ ඉණිම ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 133 ක් රැස් කළ විරාට් කෝලි ක්‍රීඩංගණයට ගිණිකෙළි සංදර්ශණයක සිරි කැදවීය.ඔවුන් දෙනොට ලකුණු 120 ක් රැස් කරන්නට ගත් වූයේ පන්දු ඕවර් 9.1 පමණක් වූ අතර කොලි ට ලකුණු 133 සදහා පන්දු 86 ක් පමණක් වැය වෙද්දී රයිනා පන්දු 24 ක් තුළ ලකුණු 40 කින් සිය දායකත්වය සැපයීය.
මෙම පරාජයත් සමග තුන්කොන් තරගාවලියේ අවසාන තරගය පිළිබද බලාපොරොත්තු යළිත් ශ්‍රී ලංකාවෙන් ඈතට වී ඇති අතර සිහිනයක් පමණක්ව පෙනෙන්නට තිබුණු ඉන්දීය කණ්ඩායමේ අවසන් තරග සිහිනය යථාර්තයට ළගා කරන්නට කෝලි ප්‍රමුඛ පිතිකරුවන්ට හැකි වූහ.ශ්‍රී ලංකා නායකයා ඩිල්ෂාන් යොදා නොගැනීමෙන් නොනැවතී යොදා ගත් රංගන හේරත් ද පන්දු ඕවර් 4 ට සීමා කළ අතර එම පන්දු ඕවර් 4 තුළ ලකුණු 20 ක් පමණක් ලබා දුන්නේ වුවද ඔහු යළි යොදා ගත්තේ නැත.එකම විශ්වාසය වූ ලසිත් මාලිංග ගෙන් කඩුලු ලැබීමේ සිහිනයේ දැඩිව එල්ඹ සිටි ශ්‍රී ලංකා නායකයා දිගින් දිගටම ප්‍රහාරයට ලක් වෙද්දීත් ඔහුගෙන් ආශ්චර්යයක් බලාපොරොත්තුවෙන් පන්දු යැවීම භාර කළ අතර අවසාන ප්‍රතිපලය වූයේ පන්දු ඕවර් 7.4 දී ලසිත් මාලිංග ලකුණු 96 ක් ප්‍රතිවාදීන්ට ලබා දීමය.
http://www.espncricinfo.com/commonwealth-bank-series-2012/engine/current/match/518966.html තරගයේ ලකුණු විස්තරයට මෙම සබදතාවය ඔස්සේ පිවිසිය හැකිය.
කෙසේ වුව ඕස්ට්‍රේලියාව සමග ශ්‍රී ලංකාවට ඉතිරිව ඇති තරගය ජය ගැනීමෙන් අපහසුවකින් තොරව අවසාන තරගයට පිවිසීමට තවමත් ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව විශාලය.එසේ නොවන්නේනම් සෑම අතින්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තත්ත්වය සම වන අතර එවැනි තත්ත්වයක දී ශ්‍රී  ලංකාව ඕස්ට්‍රේලියාව ඉදිරියේ සිය ශුද්ධ ලකුණු වේගය සුරුකෙන ඉණිමකට ප්‍රවේශ වීම අනිවාර්යය වේ.

6 comments:

Malith said...

Joug5ඩිල්ෂාන්ගෙ දකුණු අතේ මහපට ඇගිල්ල තුවාල වෙලා දැක්කෙ නැද්ද ප්ලාස්ටර් එකක් දාල තිබුන.
මැච් ඒකේ මුල් කොටසෙදි ඒගැන විතර විචාරකයොත් කතාඋනා ඒක මහේලට ලොකු පාඩුවක් වෙයි කියල. හරියට මැච් එක බලල නැහැ වගේ

nisman ranasinghe said...

මේ මැච් එකට විතරක් අදාළව කියූ දෙයක් නොවේ.මීට පෙරත් අපි මේ ගැන මතක් කරා.ඩිලෂාන් මේ තරගාවලිය තුළ පන්දු යවන්නෙක් හැටියට යොදා ගන්නෙම නෑ.සාමාන්‍යයෙන් ඩිල්ෂාන් අතට ප්ලාස්ටර් දා ගෙන තමයි ඉන්නෙ.එක දිගට මැච් බලන කෙනෙක්ට ඒකත් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.

nisman ranasinghe said...

මේ මැච් එකට විතරක් අදාළව කියූ දෙයක් නොවේ.මීට පෙරත් අපි මේ ගැන මතක් කරා.ඩිලෂාන් මේ තරගාවලිය තුළ පන්දු යවන්නෙක් හැටියට යොදා ගන්නෙම නෑ.සාමාන්‍යයෙන් ඩිල්ෂාන් අතට ප්ලාස්ටර් දා ගෙන තමයි ඉන්නෙ.එක දිගට මැච් බලන කෙනෙක්ට ඒකත් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.

nisman ranasinghe said...

මේ මැච් එකට විතරක් අදාළව කියූ දෙයක් නොවේ.මීට පෙරත් අපි මේ ගැන මතක් කරා.ඩිලෂාන් මේ තරගාවලිය තුළ පන්දු යවන්නෙක් හැටියට යොදා ගන්නෙම නෑ.සාමාන්‍යයෙන් ඩිල්ෂාන් අතට ප්ලාස්ටර් දා ගෙන තමයි ඉන්නෙ.එක දිගට මැච් බලන කෙනෙක්ට ඒකත් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.

උදාර said...

උඩින්ම කමෙන්ට් එක දාපු කෙනා කියපු කතාව හරි. සාමාන්‍යයෙන් දිල්ෂාන් අතේ ප්ලාස්ටර් දාගෙන හිටියත් ඔය තරඟයේ දි එයා මහපට ඇඟිල්ලට ප්ලාස්ටරයක් දාගෙන හිටියේ ඒකෙ තිබුණ තුවාලෙ හින්දයි. මහේලට උවමනාව තිබ්බත් ඒ තරඟෙදි දිල්ෂාන්ට පන්දු යවන්න හැකියාවක් නොතිබෙන්නෙ අන්න ඒ හින්දයි. ඒ වගේම තරඟාවලිය පුරාවට වේග පන්දු සහ මඳ වේග පන්දු යවන්නන් සාර්ථකවීම මත දිල්ෂාන්ව නොයොදා ගැනීමේ ගැටලුවක් නැහැ. කොහොම වුණත් මහේල මාලිංග ගැන ඕනවට වැඩි විශ්වාසයක් තැබීම මෝඩ වැඩක් බව මාත් පිළිගන්නවා.

nisman ranasinghe said...

බොහෝම ස්තූතියි අදහස් පළ කළාට තව හිතෙන දේවල් ලියන්න.පත්තරේකට එහා ගිහිං සංවාදයකට යන්න පුළුවන් ඉඩ යොදා ගැනීමට තියෙන අවස්ථාව ප්‍රයෝජන ගැනීම වැදගත්