
මහේලගේ එම ලිපියට පදනම වූයේ ක්‍රීඩකයන්ට ලෝක කුසලානය වෙනුවෙන් හිමි විය යුතු මුදලින් කණ්ඩායමට සේවය ලබා දීමේ ප්‍රමාණය සළකා සහය සේවකයන්ට ක්‍රීඩකයන්ට හිමි වරප්‍රසාද මුදලින් යම් මුදලක් ගෙවන ලෙස මහේල විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා එවූ ලිපිය පිළිබද තොරතොරු ක්‍රිකට් ආයතනය හරහා මාධ්‍යයට එළිදරව් වීමයි.එම හෙළිදරව් වීම පිළිබදව පරීක්ෂණයක් කිරීම වෙනුවට සහ එවැනි පෞද්ගලික කරුණක් හෙළිදරව් වීම පිළිබද පරීක්ෂණයක් නොකර ඒ නිසා සිදු වූ විශ්වාසය බිද වැටීම පදනම් කරගෙන ආයතනය අවිශ්වාස තැනක් බවට ප්‍රකාශ කිරිම පිළිබදව පරීක්ෂණයක් පවත්වන්න යාමෙන් තීරනාත්මක තරගාවලියකට සහභාගි වී සිටින කණ්ඩායම තුළ පීඩනයක් ඇති කිරීමට ක්‍රිකට් ආයතනය උත්සාහ කිරීමෙන් රටේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔවුන් දක්වන උනන්දුව පැහැදිළි කර ගැනීමට හැකිය.
මහේල සිය කණ්ඩායම් කළමණාකරුගේ විද්‍යුත් ලිපිනය හරහා ගණු - දෙනු කරමින් මෙම ලිපිය යොමු කර ඇති අතර ක්‍රීඩකයෙකු සාමාන්‍යයෙන් සිය පරිපාලනයට යම් දැණුම් දීමක් කළ යුතු විට කළමණාකරු හරහා දැණුම් දීම සාමාන්‍ය පරිපාටිය වෙනවා.ඒ ආකාරයට කටයුතු කිරීම නිසා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන්නට යෙදෙන විනය පරීක්ෂණයේ දී කළමණාකරු චරිත් සේනානායක ද චූදිතයෙකු කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබීම හාස්‍යජනක එකක් වෙනවා.
තමන් විසින් කරන ලද විශ්වාසය බිද දැමීමක් පිළිබදව තමන්ට දෝෂාරෝපනය කිරීම පිළිබදව, තමන්ගේ වරද නොතකා ඊට දෝෂාරෝපනය කරන පුද්ගලයා වරදකරු කිරිමට තැත් කිරීමේ කැකිල්ලේ තීන්දුව ජාත්‍යන්තරය ඉදිරියේ රග දක්වන්නට උත්සාහ කරන ශ්‍රී ලංකා ක්‍රිකට්,ජාත්‍යන්තර තරගාවලියක් තුළ මෙවැනි ක්‍රියාවන්ගෙන් තමන් පරිපාලනය කරන ක්‍රීඩාවම විනාශ වන බව නොදැන කටයුතු කරන්නේ,නැට්ට දෙබලේ දමා ගෙන කූඤ්ඤය ගලවන වදුරාගේ භූමිකාව සිහියට නගමින්ය.
www.supirikrida.com
No comments:
Post a Comment