
ජූඩෝ ලෝක සූරතාවලිය 2014 වර්ෂයේ පැවත්වීමේ සත්කාරකත්වය රුසියාව විසින් දිනා ගත්තා.ඒ අනුව රුසියාවේ චෙලියාබින්ස්ක් නම් වූ ආසියාව සහ යුරෝපය වෙන් කෙරෙන සීමාවේ වන නගරය 2014 දී ලෝක ජූඩෝ සූරතාවලියේ සත්කාරකත්වය දැරීමට නියමිතයි.රටවල් 45 ක් නියෝජනය කරමින් 50,000 ක් පමණ තරගකරුවන් සහ තරගකාරියන් මේ තරගාවලිය නියෝජනය කරනු ඇතැයි අපේක්ෂා කරති.
ලෝක ජූඩෝ සම්මේලනයේ සභාපති මාරියස් වීසර් (මැද),යුරෝපීය ජූඩෝ සම්මේලනයේ සභාපති සහ රුසියානු ජූඩෝ සම්මේලනයේ උප සභාපති සර්ගෙයි සොලොවෙයිචික් (දකුණ) සහ චෙලියාබින්ස්ක් ප්‍රාදේශීය ආණ්ඩුකාර මිකායිල් යුරිවිච් අතර තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධ ගිවිසුම අත්සන් කළ අවස්ථාව ඡායාරෑපයේ දැක් වේ.
www.supirikrida.com
No comments:
Post a Comment