ශ්‍රී ලංකාවේ දුර්වල පිතිකරණය යළිත් විදහා පාමින් ඕස්ට්‍රේලියාව සමග පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනයේ දිවා භෝජනය වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 43 ක් ලබා ශ්‍රී ලංකාව ඉනිමක පරාජයක් වෙත ඇදෙමින් සිටියි.පළමු ඉණිමට ශ්‍රී ලංකාවේ ලකුණු 156 වෙනුවට ලකුණු 460 ක් ලබා ගත් ඕසට්‍රේලියාව ප්‍රථම ඉණිමේ වාසිය ලකුණු 304 ක් බවට පත් කර ගත්තා.පස්වන කඩුල්ලට ලකුණු 196 ක සබදතාවයක් පැවත් වූ නායක මයිකල් ක්ලාක් (106) සහ ෂේන් වොට්සන්(83) ගෙන් පසුව මිචෙල් ජොන්සන් ලකුණු 92 ක් නොදැවී ලබා ගනිමින් පසුපෙළ ශක්තිමත් කළා.
කඩුලු ලබා ගැනීමේදී ශ්‍රී ලංකාවේ දග පන්දු තුරුම්පුව යළිත් අසරණ වූ අතර රංගන හේරත් ඉදිරියේ එක කඩුල්ලක් හෝ දැවී ගියේ නැහැ.ශ්‍රී ලංකාවේ දග පන්දු යැවීමට හිමි වූ එකම කඩුල්ල ඩිල්ෂාන්ට හිමි වූ අතර ධම්මික ප්‍රසාද් 106 / 3 ක් සහ සමින්ද එරංග 109 / 3 ක් දවා ගනිමින් කැපී පෙනෙද්දී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වේග පන්දු අභියෝගය වන චානක වෙළගෙදර ආබාධ තත්ත්වය මත පන්දු යැවීමෙන් වැළකී සිටිනවා.
මේ නිසා ලකුණු 304 ක් හඹා ගොස් ඉණිමක පරාජයෙන් ගැලවෙන්නට උත්සාහ කරන ශ්‍රී ලංකාවට තවත් ඉතිරිව ඇත්තේ කඩුලු 4 ක් පමණයි.ආබාධ නිසා ප්‍රසන්න ජයවර්ධන සහ චානක වෙළගෙදරත් පන්දුවට පහර දිමට හැකි තත්ත්වයක නැහැ.ඒ නිසා දිවා භෝජනය වන විට තවත් දින දෙක හමාරක් ඉතිරිව ඇති මෙම තරගයේදී ඉණිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවීම වළකා ගනිමින් ලකුණු 261 ක් රැස් කර යුතුයි.
ලකුණු 3 ට කඩුලු 3 ක් අහිමි කර ගනිමින් (ඩිල්ෂාන් - 0,මහේල - 0 සහ දිමුත් කරුණාරත්න -1) ඉණිම ඇරඹු ශ්‍රී ලංකාව වෙනුවෙන් දැනට ඉණිම බේරා ගැනීම සදහා ඉතිරිව ඇති එකම විශ්වාසවන්ත පිතිකරුවන් දෙදෙනා වන සංගක්කාර නොදැවී 22 ක් සහ මැතිව්ස් නොදැවී 17 ක් ලබා ගෙන සිටිනවා.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකියි.
No comments:
Post a Comment