
සෑම ජාතික පාපන්දු සංගමයක්ම කාන්තා පාපන්දුව සංවර්ධනය කෙරෙහි නැඹුරු කිරීම සිය අපේක්ෂාව බව පෙන්වා දෙන බ්ලැටර් එහි ප්‍රතිපලද පැහැදිළි කළේය.විශේෂයෙන් අවුරුදු 17 න් පහළ 2012 කාන්තා පාපන්දු ලෝක සූරතාවලිය සංවිධානයේදී අසර්බයිජානය වැනි මුස්ලිම් රටක් පෙරට ගැනීමට හැකිවීම කාන්තා පාපන්දු ක්‍රීඩාව වර්ධනය කෙරෙහි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ගෙන ඇති උත්සාහයේ ප්‍රතිපලයක් බව එහිදී බ්ලැටර් තව දුරටත් පෙන්වා දුන්නේය.
නමුත් කාන්තා මෙන්ම පිරිමි පාපන්දුවේ සංවර්ධන කාර්යයට ද පෙර සේම මැදිහත් වන බව පැහැදිළ කළ බ්ලැටර්,පිරිමි පාපන්දු ක්‍රීඩාව තරමටම ජනතාව අතර ව්‍යාප්ත වූ සහ සහභාගීත්වයෙන් සහ තරගකාරීත්වයෙන් ඉහළ ගිය ක්‍රීඩාවක් බවට කාන්තා පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරිමට විහාල කැපවීමකින් කටයුතු කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඉදිරියේදී විශේෂ අවධානයක් යොමු කරන බව බ්ලැටර් මෙහිදී පෙන්වා දී ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment