ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ටෙස්ට් ලකුණු 10,000 සීමාවට පිවිසි දෙවන ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට අද පත් වුණා.මීට පෙර මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 10.000 සිමාවට පැමිණි අතර අද ඔහු වැඩිම ටෙස්ට් ලකුණු ලාභින් අතර නව වන තැන පසුවන අතර සංගක්කාර ලොව 11 වැන්නා ලෙස පසු වෙනවා.
සිය 115 වන ටෙස්ට් තරගයට සහභාගි වන කුමාර් සංගක්කාර ලකුණු 10,000 සීමාවට පිවිසුණේ සිය 195 වන ටෙස්ට් ඉණිමේදීයි.බොක්සිං දිනයේදී ක්‍රියාත්මක වන මෙම ටෙස්ට් තරගයේදී දිවා භෝජනයට පෙර මිචෙල් ජොන්සන් විසින් යවන්නට යෙදුණ අවසන් ඕවරයේදී එල්ල කළ හතරේ පහරකින් සංගක්කාර සිය 10,000 වන ලකුණ ලබා ගන්නට සමත් වුණා.
ලකුණු 10000 සීමාවට පිවිසි ක්‍රීඩකයන් අතරින් හොදම ටෙස්ට් සාමාන්‍ය අතින් ජැක් කලිස් ට පමණක් දෙවැනිව සිටින සංගක්කාර,එම ක්‍රීඩකයන්ගේ හොදම පෞද්ගලික ඉණිම සළකා බලද්දී දෙවැනි වන්නේ බ්‍රයන් ලාරා (නොදැවී 400) සහ මහේල ජයවර්ධනට (374) පමණයි.සංගක්කාරගේ හොදම ඉණිම ලකුණු දකුණු අප්‍රිකාවට එරෙහිව රැස් කළ ලකුණු 287 ක් ලෙස සටහන් වෙනවා.වසර දෙකක්ම ලොව ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා වන්නට සමත් වූ සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් ප්‍රජාවගේ ඉමහත් ගෞරවයට පත් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් එක් කර දුන් ක්‍රීඩකයෙක් ද වනවා.
www.supirikrida.com

No comments:
Post a Comment