ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර බොක්සිං දිනය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට මහේල ජයවර්ධන සමත් වුව ද,ඔහු මුලින් පන්දුවට පහර දීමට ගත් තීරනයේ වාසිය ලබා ගැනීමට දිවා භෝජනය වන තෙක් ශ්‍රී ලංකාවට හැකි වී තිබුණේ නැත.එම අවාසිදායක තත්ත්වයට මුල පුරමින් මෙම ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබූ ජැක්සන් බ්ර්ඩ් සිය මංගල කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමත් සමග තරගයේ මුල් කාර්තුවේ වාසිය ඕස්ට්‍රේලියාව දෙසට දෝලනය වන්නට විය.
බ්ර්ඩ් - මංගල ටෙස්ට් කඩුල්ලේ සතුට |
අනතුරුව පළමු ටෙස්ට් තරගයට කැදවිම් නොලද මිචෙල් ජොන්සන් ටීඑම් ඩිල්ෂාන් ව දවා ගනිමින් ද,අනතුරුව පළමු ටෙස්ට් තරගයේ වීරයා වූ පීටර් සීඩ්ල් මහේල ජයවර්ධන දවා ගනිමින් ද ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 37 ට කඩුලු 3 ක් බවට පත් කරන්නට සමත් විය.එතැන් සිට ශ්‍රී ලංකාවේ කඩුලු බිද වැටීම ආරක්ෂා කරමින් පන්දුවට පහර දුන් කුමාර් සංගක්කාර දිවා භෝජනය වන විට නොදැවී 43 ක් ලබා සිටි අතර තිලාන් සමරවීර නොදැවී ලබා සිටි ලකුණු ප්‍රමාණය 10 කි.
අද ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ නුවන් කුලසේකර ක්‍රීඩා නොකරන අතර එම ස්ථානය ධම්මික ප්‍රසාද් ට හිමි වී ඇත.ක්‍රීඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයේ පැවති මයිකල් ක්ලාක් කණ්ඩායමට ක්‍රීඩා කරන අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පළමු තරගයේ දකින්නට නොලැබුණු මිචෙල් ක්ලාක් සහ කෝඩුකාර ජැක්සන් බ්ර්ඩ් ක්‍රීඩා කරනු ලැබේ.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසෙන්න.
No comments:
Post a Comment