Jul 12, 2013

දෝනි ගේ හුදෙකලා සටනින් ශ්‍රී ලංකාව පරාජයට පත් වේ

MS Dhoni watches the winning hit clear the ropeටහිර ඉන්දීය කොදෙව් දූපත් හී පැවති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයේදී හ්‍රී ලංකාව විසින් එලල කළ දැඩි පීඩනය හමුවේ නොසැලී සිටි ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි ගේ වගකීම් පෙරදැරි ඉණිම හේතුවෙන් ඉන්දියාවට කඩුලු 1 ක ජයක් සමග තුන්කොන් සූරතාවය දිනා ගන්නට හැකි විය.තරගයේ කාසියේ වාසිය ලත් ඉන්දීය නායකයා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර ක්වීන්ස් පාක් ඕවල් තණනිල්ල ඊයේ ද පිතිකරුවන්ට යෝග්‍ය මට්ටක නොතිබිණ.
මුල් කඩුලු 2 ලකුණු 49 ට බිද වැටීමෙන් ඉක්බිතිව පිටියේ එකතු වූ කුමාර සංගක්කාර සහ ලහිරු තිරිමාන්න වගකීමෙන් යුතුව ක්‍රියා කරමින් ක්‍රමික ආක්‍රමණයකින් ඉන්දියාව වෙත පීඩනය මුදා හරින්නට විය.තෙවන කඩුල්ලේ සබදතාවය පීඩනය ආරෝහණ ක්‍රමයට වැඩුණු ලකුණු 122 ක් විය.ලකුණු පූවරුව 171 දී තිරිමාන්න පිටියෙන් ඉවත් වීමත් සමග අවසාන කඩුලු අටම ලකුණු 30 ක දී අහිමි විය.තිරිමාන්නගේ දැවී යාමත් සමග වගකීම් විරහිත ප්‍රහාරයක නිරත වූ සෙසු ලාංකේය පිතිකරුවෝ සිය කඩුලු පූජා කළ ආකාරය කුඩා දරුව්න්ගේ පිති හරඹයකට සමාන විය.
පන්දු යවන්නන්ගේ තණතීරුවක සචිත්‍ර සේනානියක වෙනුවට කුසල් ජනිත් වැනි රිද්මයට නොපැමිණි පිතකරුවෙකු සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් තැබීම නිසා ශ්‍රී ලංකා ඉණිමේ පන්දු යැවිමේදී සෙසු පන්දු යවන්නන්ට වඩා අසාර්ථක වූ ලසිත් මාලිංග වෙනුවට යෙදවීමට පන්දු යවන්නෙක් ශ්‍රී ලංකා නායකයාට නොවුණු අතර ඉන්දීය පිතිකරුවන් වෙත පීඩනයක් දෙමින් තරගයේ අවසාන භාගයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ක්‍රියාත්මක වුව ද,නායක මහේන්ද්‍ර සිං දෝනි ශ්‍රී ලංකා නායකයා ඇතුළු සමස්ත ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන්ට සහ පසු පෙළ පිතිකරුවන්ට ආදර්ශයක් දෙමින් අනගි ඉණිමක නියැලෙමින් නොදැවී ලකුණු 45 ක් ලබමින් තරගයේ වීරයා බවට පත් වෙමින් තුන් කොන් කුසලානය ද ඉන්දියාවට ලබා ගැනීමට හැකි විය.
දෝනි මෙන්ම ඉණිම කඩා වැටීම නවතමින් අපූරු ඉණිමක් ක්‍රීඩා කළ රෝහිත් ෂර්මා ද ලකුණු 58 ක් ලැබීය.ශ්‍රී ලංකා පිතිකරුවන් මෙන්ම ඉන්දීය පසු පෙළ ද අසාර්ථක වූ නමුත් ඔවුන් කඩුලු රැක ගනිමින් සිය නායකයාට වැඩි අවස්ථාවක් පන්දුවට පහර දීමට හැකි වන සේ කඩුල්ල රැක ගැනීම ප්‍රශංසනීය කරුණක් විය.ඒ නිසා තරගයේ අවසාන පන්දු ඕවරයේ සිව්වන පන්දුවේදී තුන්කොන් කුසලානය ඉන්දියාවට හිමි කර දෙන ලකුණ දෝනි ගේ පත්තෙන් ගලා ආ අතර මෙම තරගවෙලියේ පළමු තරග දෙකේදී අසාර්ථක වූ ඉන්දියාව ලෝක සූරයන්ගේ කීර්තිය රැක ගනිමින් තුන් කොන් කුසලානය ද ඉන්දියාවට රැගෙන යන්නට සමත් විය.
තරගාවලියේ වීරයා ලෙස බුවනේෂ්වර් කුමාර් සම්මානයට පාත්‍ර වූ අතර පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරයට ප්‍රවේහ විමට ඇති මාර්ගය ය.
www.supirikrida.com 

1 comment:

keerthi raterala said...

ශ්‍රී ලංකාවට අවාසනාවන්ත අවසානයක් ගෙනා තරගයක් නිදි මරාගෙන නැරඹීමේ අවස්තාව ලද මට ඔබගේ ලිපිය කියවීමෙන් පසු කමෙන්ටුවක් දැමීමට සිතුනි. කලින් තරගයේදී නුවන් කුලසේකර තුවාල ලැබීම අවසන් තරගය පරාජය වීමට බෙහෙවින්ම බලපෑ කරුනක් වුනා. ලක්මාල් සහ ඒරංග වැනි අත්දැකීම් අඩු පන්දු යවන්නන් දෙදෙනනෙකුද අැතුළුව යන්තමින් පන්දු යවන්නන් පස් දෙනෙකු පමනක් රැගෙන මැතිව්ස් පිටියට ගියේ ඉන්දියානු කන්ඩායම ඒ තරමටම සැහැල්ලුවට අරගෙනද? කලින් තරගයේදී නුවන් කුලසේකරට වුනා මෙන් මෙම පන්දුයවන්නන්ගෙන් කෙනෙකු තුවාල ලබා පිටියෙන් ඉවත්වන්නට සිදුවුනානම් කරන්නේ කුමක්ද?
ඒ හැර කන්ඩායමේ සිටි ඒකම තුන්ඉරියව් ක්‍රීඩකයා වූයේ මැතිව්ස් පමණි.ඉන්දියාව පන්දු යවන්නන් හත් දෙනෙකු භාාාවිතා කල අතර අපට සිටියේ යන්තම් පස් දෙනෙකි. කුසල් ජනිත් මැදපෙල පිතිකරුවකු වශයෙන් කන්ඩායමට අැතුලත් කරනවාට වඩා ඒ වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු යෙදවිය යුතුව තිබුනි.
ඔබ විසින්ද සංගක්කාරගේ 71 ට වඩා තිරිමාන්නගේ 46 වර්ණනා කිරීම තුලින් පෙනීයන්නේ අද අපේ ක්‍රිකට් වලට ලබා අැති කලදසාවේ තරමය. කෙසේ වුවත් තරගාවලිය පුරාම දක්නට ලැබුනු තවත් අඩු පාඩුවක් නම් තිසර පෙරේරාගේ අඩුවයි. අඩුම තරමේ නුවන් කුලසේකර තුවාල ලැබීමෙන් පසුව හෝ තිසරව කන්ඩායමට කැදවිය යුතුව තිබුනි.