නේපාලයේ කත්මන්දු නුවර ජාතික ක්‍රීඩා විද්‍යායතන ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජූලි 12 සිට 15 දක්වා පැවත්වෙන මෙම තරගාවලියට ශ්‍රී ලංකාවට අමතරව නේපාලය,ඇෆ්ගනිස්ථානය සහ මාල දිවයින සහභාගි විමට නියමිතය.නේපාලයේ ශා දේව් රජුගේ සහභාගීත්වයෙන් සමාරම්භක උළෙල පැවත්වෙන අතර තරගයේ පළමු තරගය ඇෆ්ගනිස්ථානය සහ සත්කාරක නේපාලය අතර පැවත්වීමට නියමිතය.සහභාගි වන කණ්ඩායම් හතර අතරේ ඉදිරියෙන් සිටින කණ්ඩායම ශ්‍රී ලංකාව වීම මෙන්ම ගෙවුණු තරගාවලියේදී ජනිත සුරත් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා මෙන්ම හොදම පිරිනමන්නා බවට ද පත් වෙමින් පෑ දස්කම් හිරන්‍ය කේසල වැනි ක්‍රීඩකයන් ප්‍රදර්ශනය කළ දක්ෂතා ද සළකා බලද්දී තරගාවලියේ ඉදිරියෙන් සිටින කණ්ඩායම ශ්‍රී ලංකාව බව පැහැදිළිය.
www.supirikrida.com
No comments:
Post a Comment