යුක්රේනයේ ඇරඹි ජගත් යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ පළමු දිනයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග බිමට පිවිසි ක්‍රීඩකයන් දෙදෙනාට මෙන්ම ක්‍රීඩිකාවට ද අවසන් තරගය සදහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමි වුණේ නැහැ.මීටර් 400 බාලිකා තරගය නියෝජනය කළ නිමාලි මධුශිකා තත්පර 59.24 ක ඇයගේ පෞද්ගලික දක්ෂතා ආසන්නයේවත් නොවන කාලයක් වාර්තා කිරීම කැපී පෙණුනා.ඇතැම් විට ජාත්‍යන්තර අත්දැකීම් වල මද බව නිසා තරග ආරම්භක වේගය සහ සමස්ත තරගය පාලනය කර ගැනීමට හැකි ජවය පාලනය පිළිබද අඩු අත්දැකීම මේ සදහා හේතු වන්නට ඇති.
මීටර් 100 සදහා ඉදිරිපත් වූ එස්ඩී නිසල් තත්පර 11.32 ක කාලයක් වාර්තා කරමින් තමා සහභාගි වූ මූලික තරගයේ සිව්වැන්නා වුව ද,ඔහු ට අවසාන තරගයට පිවිසීමට අවස්ථාව හිමි වූයේ නැහැ.එම ඉසව්වේම තරග වැදි වඩාත් ප්‍රබල ක්‍රීඩකයා වූ අරෝෂ ගමගේ අවාසනාවන්ත ලෙස ආබාධකට ගොදුරු බවක් දකින්නට ලැබුණු අතර එම නිසා ඔහුට සිය මූලික තරගයේ අවසානයට තරගය නිම කරන්නට ලැබුණේ තත්පර 14.25 ක කාලයක් සමගයි.
මෙහි දැක්වෙන්නේ නිසල් සහභාගි වූ තරගය තරගාවසාන ඡායාරූපයක් ලෙසයි
www.supirikrida.com

No comments:
Post a Comment