Jul 10, 2013

ජගත් යොවුන් මලල ක්‍රීඩා සූරතාවලිය අද ඇරඹේ

ට වන ජගත් යොවුන් මලල ක්‍රීඩා සූරතාවලිය අද යුක්රේන්හී ඩොනෙට්ස්ක් හී දී ආරම්භ වී නියමිතයි.මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් පස් දෙනෙකු සහ ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගි වීමට නියමිතව තිබෙනවා.මීට දෙවසරකට පෙර පැවති තරගාවලියට සහභාගි වූ 1322 ක මලල ක්‍රීඩක ප්‍රමාණය මේ වසරේදී 1518 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.අනාගත මලල ක්‍රීඩා තරු වල උපත තීරණය කරන තරගාවලියක් බදු මෙම තරගාවලියේ වාර්තා අතර අදටත් ලොව කෙට් දුර ධාවනයේ වීශ්මය වන උසෙයින් බෝල්ට් ගේ නම මීටර් 200 වාර්තාව ඉදිරියේ නොමැකී රැදී තිබෙනවා.
තරගාවලිය 14 දා අවසන් වීමට නියමිත අතර අද ආරම්භක දිනයේ බාලිකා මීටර් 400 ඉසව්ව 
වෙනුවෙන් නිමාලි මධුශිකා මූලික තරග සදහා සහභාගි වන අතර එස්ඩී නිසල් සහ අරෝශ ගමගේ 
මීටර් 100 මූලික තරග සදහා ඉදිරිපත් වීමට නියමිතය.
www.supirikrida.com වෙබ් අඩවියේ ඇති ජගත් යොවුන් මලල ක්‍රීඩා පිටියේ සජීවි ජවය නම් බැනරය  
ක්ලික් කර ක්‍රීඩා උළෙලේ සජීවි තොරතොරු සමග එක් වීමට ඔබට අවස්ථාව ඇත.

No comments: