Jul 8, 2013

දැලේ හීනය යළිත් බිද වැටේ

මෙවර ආසියානු දැල් පන්දු තරගාවලියේ මූලික තරග වල දී අති විශිෂ්ඨ දක්ෂතා දක්වන ලද ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන තරගයේදී වසර ගණනාවක් මුහුණ දුන් ඉරණමට යළිත් මුහුණ දෙමින් මැලේසියාව ඉදිරියේ පරාජයට පත් විය.ලකුණු 59 50 ක් වූ ලකුණු නවයක පරතරයකින් පරාජය ලැබූ ශ්‍රී ලංකාව සෙසු කණ්ඩායම් හා පැවති තරග වලදී විශාල ලකුණු ගණනකට නිරන්තරයෙන්ම පිවිසෙනු දැකිය හැකි වූ අතර නමුත් මලේසියානු තරගයේදී මැලේසියානු පසු පෙළ මැඩ පෙරට ඒම ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු වූයේ නැත.ඒ නිසා අප වෙබ් අඩවිය මගින් දිගින් දිගටම පවසා සිටි පරිදි වඩා පසු පෙළක් සහිත සමබර කණ්ඩායම අවසාන තරගයේ ජයග්‍රාහකයන් බවට පත් විය.
ශ්‍රී ලංකා කණ්ඩාම අවසාන තරගයට පිවිසි පළමු අවස්ථාවේදීම අවසාන වරට ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාතික යොවුන් කුසලානය දිනා ගත් මොහොතේ ආසියානු යොවුන් දැල් පන්දු රැජිණ බවට පත් වු ධම්මිකා මල්කාන්තිගෙන්ද අප මේ පිළිබදව පවසා සිටියේද තරගයේ තීරණාත්මක සාධකය ආරක්ෂක පෙළ බවය.නමුත් මේ තරගාවලියේ ශත්තිමත්ම ඉදිරි පෙළ සහ සාර්ථකම දැල් විදින්නියන් සිටියේ ශ්‍රී ලංකාවේ බව මෙහිදී මැනවින් පැහැදිළි කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර නමුත් එම හැකියාවන්ට මැලේසියානු ආරක්ෂක අංශය මැඩ ජය ගැනීම අසීරු කරුණක් විය.
තරගාවලිය අතරතුර පැවති ආසියානු දැල් පන්දු නිලවරණයේදී ශ්‍රී ලංකාවට ‍ඓතිහාසික ජයක් හිමි කර දෙමින් ශ්‍රී ලංකා දැල්පන්දු සභාපතිණි ලක්ෂ්මි වික්ටෝරියා ආසියානු දැල් පන්දු සම්මේලනයේ සභාපතිණිය වීම සුවිශේෂී  අවස්ථාවකි.ආසියාවේ රටවල් කිහිපයකම දැල් පන්දු රෝපනය කර වර්ධනය කළ ශ්‍රී ලාංකේය දැල් පන්දුපුහුණුකාරියනගෙ හැකියාව සම්බන්ධයෙන්ද මෙවර තරගාවලිය හරහා නිදසන් දැකිය හැකි විය.විශේෂයෙන්ම තිලකා ජිනදාස සත්කාරක බෘනායි දේශය තරගාවලියේ හයවන ස්ථානය දක්වා ගෙන එන්නට සමත්  වීම ඒ අතරින් කැපි පෙණින.
www.supirikrida.com

No comments: