Jul 12, 2013

ශ්‍රී ලංකා යූත් පාපැදි,මැරතන් සහ අවිදීම හෙට සහ අනිද්දා පොළොන්නරුවේදී

ශ්‍රී ලංකා යූත් 25 වන ජාතික ක්‍රීඩා උළෙලට අදාළ පාපැදි,අවිදීම සහ මැරතන් තරග හෙට සහ අනිද්දා පොළොන්නරුවේදී පැවත්වේ.ජාතික තරුණ සේවා සභාව,ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ යෞවන කටයුතු සහ නිපුණතා අමාත්‍යංශය එක්ව සංවිධානය කරන මෙම තරග පොළොන්නරුව නගර සභා භූමිය අසළින් ආරම්භ වීමට නියමිතය.
හෙට (13) පෙරවරු 6,00 ට ආරම්භ වන  කාන්තා සහ පිරිමි ඇවිදීමේ තරග අතුරෙන් පිරිමි තරගය කිලෝ මීටර් 10 ක දුරක් පැවත්වෙන අතර කාන්තා තරගය කිලෝ මීටර් 5 ක දුරක් පැවත්වේ.හෙට පෙරවරු 8.00 ට පොළොන්නරුව ප්‍රාදේශිය සභාව අසලින් ආරම්භ වන පිරිමි පාපැදි තරග  කදුරුවෙල නගරය, කදුරුවෙල පොලීසිය, කාර්මික විද්‍යාලය, පටු පාලම, මනම්පිටිය පාලම,කොටලිය පටු පාලම, මනම්පිටිය නගරය, මඩකලපුව හන්දිය, වැලිකන්ද නාමපුවරුව, දුම්රිය හරස් මග, සෙවනපිටිය නගරය, මොණරතැන්න හන්දිය, වැලිකන්ද හන්දිය, සිංහපුර හන්දිය, අසේලපුර හන්දිය, කඩවතමඩුව හන්දිය,වාලච්චේන නාමපුවරුව අසලට පැමිණ වාකනේරි හන්දිය පොලිස් මුරපොළ අසලින් හැරී නැවත එම මාර්ගයේම
පැමිණ ආරම්භක ස්ථානයෙන්ම අවසන් කෙරෙන අතර දුර කිලෝමීටර් 106.6 කි.
කාන්තා පාපැදි තරගයේ දුර කිලෝ මීටර 35 කි.එය පෙරවරු 8.15 ට ප්‍රාදේශිය සභාව අසළින්ඇරඹී,කදුරුවෙල නගරය, කදුරුවෙල පොලීසිය, කාර්මික විද්‍යාලය, පටු පාලම, මනම්පිටිය පාලම,
කොටලිය පටු පාලම, මනම්පිටිය නගරයට පැමිණ මඩකලපුව හන්දිය අසලින් හැරී නැවත එම මාර්ගයේම පැමිණීමට නියමිතය.
මැරතන් තරගය පෙරවරු 6.30 ට තමන්කඩුව ප්‍රාදේශිය සභාව අසලින් ඇරඹෙන අතර එහි ගමන් මාර්ගය කදුරුවෙල නගරය හරහා මඩකලපුව මාර්ගයේ මහවැව කොලොන්න වාඩිය අසලින් ආපසු හැරී එම මාර්ගයේ ම තමන්කඩුව ප්‍රාදේශීය සභාව අසළින් නිමා වීමට නියමිතය.අර්ධ කාන්තා මැරතන් තරගය 
ඉහත කී ස්ථානයෙන් ආරම්භ වී කදුරුවෙල නගරය හරහා මඩකලපුවමාර්ගයේ  79 කණුව පසුකර  මීටර් 100 ක් ඉදිරියෙන් ආපසු හැරී එම මාර්ගයේම පැමිණ ආරම්භක ස්ථානයෙන්මඅවසන් වන අතර, මෙහි දුර කි.මී.21.0975 කි.
මෙවර ක්‍රීඩා උළෙල ද පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේ පැවත්වෙන අතර එය ජූලි 25,26,27 යන තෙදින තුළ පැවත්වීමට නියමිතය.
www.supirirkrida.com








No comments: