යුක්රේනයේ ඩොනෙට්ස්ක් හී පැවත්වෙන ලෝක යොවුන් මලල ක්‍රීඩා සූරතාවලිය සදහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ කිසිදු යොවුන් ක්‍රීඩකයෙකුට මූලික තරග වලින් එපිටට යාමට ඉඩ නොලැබුණු අතර,එල්ඒඒ සමිත් හැරෙන්නට අන් ක්‍රීඩකයෙකුට සිය පෞද්ගලික හොදම දක්ෂතාවයට පිවිසීමට ද හැකියාව නොලැබිණ.සමිත් මීටර් 200 මූලික තරගයේදී තත්පර 22.62 ක දක්ෂතාවයක් දක්වමින් සිය හොදම පෞද්ගලික දක්ෂතාවය වර්ධනය කර ගන්නට සමත් විය.
මේ සමග වන්නේ එහි තරගාවසාන තාක්ෂණික ඡායාරූපය වන අතර එම තරගයේ පස් වැන්නා ලෙස තරගය නිම කළේ සමිත්ය.ඡායාරූපයට අනුව අටවන මං තීරුවේ සිටින ඡායාරූපයේ තෙවැන්නා ලෙස දකින කෙන්යානු ක්‍රීඩකයා තරග නීති උල්ලංඝණය කරමින් තරග වැදි නිසා තරගයෙන් ඉවත් කරන අතර ඒ අනුව පළමු මං තීරුවේ සිටින තරගයේ හය වැන්නා ලෙස ඡායාරුපයේ දකින සමිත් ට තරගයේ පස්වන ස්ථානය හිමි විය.
මේ අතර අද තරගාවලියේ අවසාන දිනය වන අතර අද වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව යොවුන් ලෝක වාර්තා 8 ක් බිහි කිරීමට සමත් වී ඇත.මින් හයක්ම බිහි වී ඇත්තේ පිටියේ ඉසව් වලදී වීම කැපී පෙණෙන අතර නව වාර්තා අටෙන් පහක්ම ක්‍රීඩිකාවන් විසින් අලුත් කර ඇත.එම වාර්තා පහම පිටියේ වාර්තාවන්ය.එසේම කාන්තා වීසි කිරීම් ඉසව් සියල්ලගේම (කව පෙත්ත,හෙල්ල,මිටිය,යගුලිය) වාර්තා අලුත් වීම ද කැපී පෙණෙන සිදුවීමක් විය.ඡායාරූපයේ දැක්වෙන්නේ චීන ක්‍රීඩිකා යුවෙන්චි ෂි දක්ෂතා දැක් වූ අයුරුය.
http://www.iaaf.org/competitions/iaaf-world-youth-championships/8th-iaaf-world-youth-championships-4874/records ඇසුරෙන් නව යොවුන් ලෝක වාර්තා දැක ගැනීමට හැකි අතර තරගාවලියේ මේ වන විට ඉදිරියෙන් සිටින්නේ ජැමෙයිකාව වන අතර දෙවන ස්ථානයේ පසු වන්නේ ඕස්ට්‍රේලියාවය.
www.supirikrida.com

No comments:
Post a Comment