බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ජූලි නව වන දින නිමා වන විට අලුත් වූ නව වාර්තා ප්‍රමාණය හයක් වන අතර ඊට අමතරව සම වූ තරග වාර්තාවක් ද දැකිය හැකිය.බිද වැටුණු වාර්තා අතර වසර 16 ක් පැරණි ශ්‍රී ලංකාවෙන් බිහි වූ ඉහළ තලයේ මැදි දුර ධාවිකාවක වන උදේනි කාංචනමාලා සතු වාර්තාවක් ද විය.උදේනි අනුරාධපුර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයෙන් බිහි ව මලල ක්‍රීඩා දක්ෂතා මත කොළමට සේන්දුව නුගේගොඩ ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් 1997 දි අවුරුදු 19 න් පහළ මීටර් 800 ඉසව්ව වෙනුවෙන් විනාඩි 2:25. 2 කින් නිමා කර මෙම වාර්තාව තබා තිබිණ.
ඇයගේ වාර්තාව බිද දැමුවේ ද ඒ ආකාරයටම වලල ඒ රත්නායක විද්‍යාලයෙන් බිහි වූ වර්ථමානයේ කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන සදමාලි රාජසේකර ය.අැයගේ නව වාර්තාවේ කාලය වූයේ විනාඩි 2:23.3 කි. ඊට අමතරව 1998 දි චාමිනි රිද්මා නිශ්ශංක ප්‍රනාන්දු විසින් අවුරුදු 19 න පහළ හෙල්ල වීසි කිරීම මීටර් 37.7 ක් දුරට වීසි කර පිහිටුවා තිබූ වාර්තාව පානදුර යහපත එඩේරාගේ කන්‍යාරාමයේ සයෝනා චාමිකා ගුණරත්න විසින් මීටර් 38.75 ක දක්ෂතාවයක් දක්වමින් බිද දැමුවාය.
එසේම ඉකුත් වසරේදි අවුරුදු 17 න් පහළ වයස් ඛාන්ඩයේ තරග සදහා පළමු වරට ඉදිරි පත් වූ කොළම මෙතෝදිස්ත විද්‍යාලයේ කාමිනි ජයසිංහ පිහිට වූ විනාඩි 1:10.5 ක වාර්තාව ඇය විසින්ම මෙවර විනාඩි 1:10.3 දක්වා වර්ධනය කිරීමද කැපී පෙණින.
පහත දැක්වෙන සබදතාවය හරහා එම නව වාර්තා වෙත පිවිසීමට හැකියාව ඇත.
https://mail-attachment.googleusercontent.com/attachment/u/0/?ui=2&ik=f1a5f47587&view=att&th=13fc3565d6abf07b&attid=0.2&disp=inline&realattid=f_hix22mqg1&safe=1&zw&sadnir=1&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1373593740338&sads=rT3wETNGdE5r2GkPaeqMhOGi2vE
www.supirikrida.com

No comments:
Post a Comment