
ඉන්දීය ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ගණනාවක් මෙම තරගාවලියේ විවිධ කණ්ඩායම් සදහා ක්‍රීඩා කරන අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ද මෙම තරගාවලිය සාමාන්‍යයෙන් නියෝජනය කළද,මෙවර සහභාගි වන්නේ ජනිත පමණි.ඔහු පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේ පැවති කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ජාතික මට්ටමේ තරග සෑම එකකදීම පාහේ ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායමට ජයග්‍රහණය ගෙන ඒමට මුල් වෙමින් තරගාවලියන් හී විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස ගෞරවයට පාත්‍ර වූ ක්‍රීඩකයා ලෙස මෙම තරගාවලියේදී ද එම දක්ෂතා තව දුරටත් පවත්වා ගෙන යමින් ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයන්ගේ දායකත්වය ලද කණ්ඩායම් STO Recreation කණ්ඩායම ඉදිරියේ දණ ගැස්වීම සදහා මුළිකත්වය ගනිමින් ලාංකේය වොල්බෝලයට ගෞරවනීය නමක් දිනා දීමට පෙරමුණ ගත්තේය.
![]() |
STO Recreation කණ්ඩායම වෙනුවෙන් අංක හතරෙන තරග වදින ජනිත |
ජනිත ගේ දායකත්වය ප්‍රධාන කර ගනිමින් ලීග් තරගාවලියේ ආරම්භයේදී අංක පහට ශ්‍රේණිගතව සිටි STO Recreation කණ්ඩායමට ලීග් සූරතාවය දිනා ගැනීමට හැකි වීම මෙන්ම අද පැවත්වෙන ජාතික සූරතාවලියේ අවසාන තරගය සදහා තේරීපත් වීමට හැකි වීම යන කාරණා නිසා මේ වන විට ජනිත මාල දිවයින වොල්බෝල් ලෝලීන් අතර විශාල ප්‍රසාදයක් දිනා ඇති බව ද දැන ගන්නට ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment