
මාතර පැවති CSN CHAMPS වැඩ සටහනට දහසකට අධික පිරිසක් සහභාගි වූ අයුරෙන්ම මෙම වැඩ සටහනට ද විශාල පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරන අතර මේ ආකාරයෙන් හදුනා ගන්නා දක්ෂයන් ජාතික තලයට රැගෙන එමින් ජාතික මට්ටමේ තේරීම් වලදී දක්ෂතා දක්වන දක්ෂයන් ජාතික සංචිත වලට ඇතුළත් කිරීමට වැඩ කටයුතු සැළසුම් කර ඇත.
මේ සදහා සහභාගි වීමට කැමති බදුල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණ මේ සදහා වන අයදුම්පත් ලබා ගැනීමට හැකි අතර 14 දා පෙරවරුවේද ඒ සදහා අවස්ථාව සළසා ඇත.දැනට දිස්ත්‍රික්කයේ පාසල් සදහා විදුහල්පතිවරුන් මගින් ඉල්ලුම්පත් ලබා ගැනීමට හැකි පරිදි කටයුතු සැළසුම් කර ඇති අතර 0718 513337 දුරකථන අංකයෙන් මේ පිළිබදව වැඩි තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment