Sep 5, 2012

ප්‍රදීප් ගෙන් ලංකාවට ඓතිහාසික පදක්කමක්

Gunther Matzinger of Austria crosses the line to win goldන්ඩන් පැරා ඔලිම්පික් තරගාවලියේ ටී 46 මීටර් 400 ඉසව්වේ දී ලෝකඩ පදක්කමක් දිනා දීමට ප්‍රදීප් සංජීව සමත් වුණා.1996 වසරේ සිට පැරා ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකාව සහභාගි වන පස්වන පැරා ඔලිම්පික් තරගාවලිය මෙය වන අතර එහිදි ශ්‍රී ලංකාව දිනා ගත් පළමු පදක්කම ලෙස සංජීව ගේ පදක්කම ඉතිහාසයට එක් වෙනවා.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මට්ටමේ මීටර් 400 ඉසව්වද මේ වන විට තත්පර 48 -49 සීමාවේ රැදෙන බව බොහෝ ප්‍රතිපල පැහැදිළි කරන තත්ත්වයක ප්‍රදීප් සිය ඉසව්ව තත්පර 49.28 කින් නිමා කරන්නට සමත් වීම කැපී පෙණුනා.තරගයේ රන් පදක්කම ගන්තර් මැට්ෂින්ජර් හිමි කර ගත් අතර ඒ සදහා ඔහුට තත්පර 48.45 ක කාලයක් ගත වුණා.රිදී පදක්කම දිනා ගත් බ්‍රසීලයේ යොහාන්සන් නැස්කමින්ටෝ තත්පර 49.21 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වුණා.ඡායාරූපයේ 2054 අංකය යටතේ තරග වදින්නේ ජයග්‍රාහක මැට්සින්ජර් වන අතර අංක  2708 යටතේ තරග වදින්නේ ප්‍රදීප් සංජීව ය.
ඊයේ අමරා ඉන්දුමතී ද ටී 46 කාණ්ඩයේ මීටර් 100 ඉසව්වට තරග වැදුණු අතර ඇයට එහි මූලික තරගයේදී පස්වන ස්ථානය දිනා ගත්තාය.අවසන් තරගයට තේරීමට නොහැකි වුව ද,අමරා තමා ගේ මීටර් 200 තරගයේදී මෙන්ම මෙම ඉසව්වේදී ද තම හොදම පෞද්ගලික කාලය වාර්තා කළ අතර ඒ අනුව ඇය මීටර් 100 තත්පර 13.96 කින් සිය ඉසව්ව නිම කළාය.
මේ අතර ප්‍රදීප් සංජීව සිය ජයග්‍රහණය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ දෑස ඉදිරිපිට දි වාර්තා කිරීමට සමත් වූ බව වාර්තා වන අතර තරගයට පෙර සංජීව ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම හමු වී ඔවුන්ට සුභ පතන්නට ද ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ බවත් කණ්ඩායම සමග ඡායාරූපයකට පෙනී සිටි බවත් ලන්ඩනයෙන් වාර්තා වෙනවා.මේ අතර ශ්‍රී ලංකාවෙන් තරගාවලිය ආවරණය කිරිමට සහභාගි වී සිටින ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් මුණ ගැසීමට ද ක්‍රීඩා ඇමතිවරයා සහභාගි වී ඇති අතර පහත දැක්වෙන්නේ අමාත්‍යවරයා ශ්‍රී ලංකා මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවයි.
www.supirikrida.com

No comments: