Sep 7, 2012

ප්‍රිස්ටෝරියස් යළි පැරදෙයි

The medal winners in the men's 100m - T44 Final pose on the podium
සිය දෙපය අහිමි වුව ද සාමාන්‍ය මිනිසුන්ගේ ධාවනයට අභියෝග කරමින් සිය කෘතිම දෙපයේ ශක්තියෙන් ඔලිම්පික් නියෝජනයට පවා අවස්ථාව ලද ඔස්කා ප්‍රිස්ටෝරියස් මෙවර පැරා ඔලිම්පික් උළෙලේ දී මේ දක්වා ඉදිරිපත් වූ ඉසව් දෙකෙන්ම පරාජයට පත් වී ඇත.සිය කෘතිම පාද වලින් ඉපැයෙන ශක්තිය කෘතිම බවට ගෙනා තර්ක ප්‍රතික්ෂේප කළ ප්‍රිස්ටෝරියස්ම මීටර් 200 ඉසව්වේදී ඔහු පරාජයට පත් වීමෙන් ඉනික්බිතිව එය ජයගත් බ්‍රසීල ක්‍රීඩක ඔලිවේරා ගේ පාදවල අස්වාභාවික බව ප්‍රශ්න කළ අතර ඉන් අනතුරුව පැවති මීටර් 100 ඉසව්වේදී ප්‍රිස්ටෝරියස් එංගලන්තයේ ජොනී පීකොක් අතින් පරාජයට පත්විය.
පීකොක් අතින් පරාජයට පත් වීමෙන් නොනැවතී ප්‍රිස්ටෝරියස්ට කිසිදු පදක්කමකට යාමට ද ඉඩක් නොලැබි අතර දෙවන ස්ථානය ඇමෙරිකාවේ රිචඩ් බ්‍රවුන් ද තෙවන ස්ථානය ප්‍රිස්ටෝරියස්ගේම රට වන දකුණු අප්‍රිකාවේ ආර්නු පෝරිට ද ලබා දී ප්‍රිස්ටෝරියස්ට සිව්වන ස්ථානයෙන් සීමා වන්නට සිදු විය.මෙහිදී එංගලන්තයේ පීකොක් නව පැරා ඔලිම්පික් වාර්තාවක් පිහිටුවමින් තත්පර 10.90 ට ඉසව්ව නිමා කරන්නට සමත්විය.
මේ වන විට මීටර් 400 ඉසව්ව පමණක් ඉතිරිව ඇති අතර එම ඉසව්වෙන් ඔලිම්පික් තරගයද නියෝජනය කර ඇති ප්‍රිස්ටෝරියස්ගේ ප්‍රබලතම ඉසව්ව ලෙස සැළකෙන මීටර් 400 රන් පදක්කම රැක ගැනීමට ප්‍රිස්ටෝරියස් සියළු උත්සාහයන් දරනු ඇත.ඒ සදහා ඉදිරිපත් වන සෙසු ක්‍රීඩකයන්ට වඩා පෞද්ගලික දක්ෂතා සළකා බලද්දී ප්‍රිස්ටෝරියස් බොහෝ ඉදිරියෙන් සිටියද ඇති වී තිබෙන අලුත් ප්‍රවනතාවය ප්‍රිස්්ටෝරියස අභිබවා යාමට යම් ඉඩක් ඇති බව පැහැදිළි කරන බැවින් අද පැවත්වෙන ටී 44 මීටර් 400 මූලික තරගය මෙන්ම හෙට පැවත්වෙන එහි අවසාන තරගයද ක්‍රීඩා ලෝකයේ විශාල අවධානයකට ලක් ව තිබෙනු දැකිය හැකිය.
www.supirikrida.com

No comments: