Sep 7, 2012

දකුණු ආසියාතික කාන්තා තරගාවලිය වැස්ස සමග ගැටෙයි

ද ශ්‍රී ලංකාවේ දී ආරම්භ වීමට නියමිත දකුණු ආසියාතික පාපන්දු තරගාවලිය වර්ෂාව සමග ගැටෙමින් පවත්වා ගෙන යාමේ අභියෝගයට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වී ඇත.එහි ප්‍රථම තරගය අද උදෑසන සිට කොළඹට කඩා වැටෙන ධාරානිපාත වර්ෂාව සමග පෙ.ව.8.30 ට සීආර් පිටියේදී ආරම්භ කිරීමේ අභියෝගයට මුහුණ දෙමින් දැඩි වර්ෂාව මධ්‍යයේ තරගය ක්‍රියාත්මක වන බව සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.ඉන්දියාව සහ බංගලාදේශය අතර මෙම තරගය වැසි මැද පැවත්වෙන අතර
කොළඹ සීආර්එෆ්සී ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් 8 ක් සහභාභි වේ.  අද ප.ව.2.30 ට තරගාවලියේ සමාරම්භක උත්සවය ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට නියමිතව ඇත.ශ්‍රී ලංකාව සහභාගි වන ප්‍රථම තරගය අද භූතානය සමග ප.ව.3.30 ට ඇරඹීමට නියමිත අතර නමුත් මේ වන විට ලොන්ඩන් ප්‍රදේශයට පතිත වන වර්ෂාව හේතුවෙන් වැසි සමග තරග කිරිමෙන් ක්‍රිඩා පිටියේ තත්ත්වය ද නරක අතට හැරිය හැකි බැවින් සියලු කටයුතු අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇත.
කාණ්ඩ දෙකක් යටතේ තරගාවලියේ මූලික තරග ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව තරග වදින්නේ ඒ කාණ්ඩයෙන්ය.එම කාණ්ඩයට ඉන්දියාව,භූතානය සහ බංගලාදේශය අයත් වන අතර බී කාන්ඩයට පකිස්තානය,නේපාලය,මාල දිවයින සහ ඇෆ්ගනිස්ථානය සහභාගි වේ.කෙසේ හෝ මේ වන විටත් තරගාවලියට කණ්ඩායම් අටම සහභාගි වන බව ප්‍රකාශ වී ඇති අතර දකුණු ආසියාවේ සියළුම කණ්ඩායම් තරගාවලියට එක්කර ගැනීමට හැකි වීම සංවිධායකයන් ලද ජයක් ලෙස හැදින්විය හැකිය.
ශ්‍රී ලංකාවේ දෙවන තරගය පැවත්වෙන්නේ ඉන්දියාවට එරෙහිවය.එම තරගය නව වන දා පෙ.ව.8.30 ට පැවත්වීමට කටයුතු යොදා ඇත.එකළොස් වන දා ප.ව.3.30 ට ශ්‍රී ලංකාව මූළික වටයේ අවසාන තරගයට බංගලාදේශයට එරෙහිව මුහුණ දීමට නියමිතය.
තරගාවලියේ අවසාන පූර්ව තරග  14 දා ක්‍රියාත්මක විමට නියමිත අතර පළමු අවසාන පූර්ව තරගය පෙ.ව.8.30 ට සහ අවසාන තරගය ප.ව.3.30 ට පැවත්වීමට කටයුතු යොදා ඇත.තරගාවලියේ අවසාන තරගය 16 වන දා ප.ව.3.30 ට පැවත්වීමට කටයුතු යොදා ඇත.
තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරන කුමාරි ජයරත්න නායකත්වය දෙන අතර උප නායකත්වය දරන්නේ ශසිකා රම්මි ය.ඇය ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරන්නීය.කණ්ඩායමට පාසල් සිසුවියන් සිව් දෙනෙකු සහ එක් සරසවි සිසුවියක් ඇතුළත්ව සිටීම කැපී පෙනෙන සිදුවීමකි.කණ්ඩායමේ පුහුණුකරු ලෙස මහින්ද ගලගෙදර කටයුතු කරන අතර,ශානිකා රාජපක්ෂ සහ මේනකා දිසානායක සහය පුහුණුකාරිනියන් ලෙස කටයුතු කරයි.කණ්ඩායමේ භෞත චිකිත්සක ලෙස එම්ඒ භාසිත් කටයුතු කරන අතර කණ්ඩායම් කළමණාකාරියගේ වගකීම දරන්නී සුධර්මා ජයවර්ධනයි.
www.supirikrida.com

No comments: