Sep 2, 2012

2017 යොවුන් පොදුරද මඩුළු උළෙලට සත්කාරක ක්‍රීඩාවක් ලෙස දැල්පන්දු

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අයත් සංවිධාන විසින් මෙහෙයවන ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලකදී
එම ක්‍රීඩා උළෙල සදහා සත්කාරකත්වය දරන රටට ක්‍රීඩාවන් කිහිපයක් ඇතුළත් කිරීමට ලැබෙන අවසරය ප්‍රයෝජනයට ගෙන 2017 දී හම්බන්තොට පැවත්වීමට නියමිත යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ සත්කාරක ක්‍රීඩාවක් ලෙස දැල් පන්දු ඇතුළත් කර ගන්නා බව ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු පවසයි.මීගමුවේ කැන්ටමාරා වෙරළ තීරයේ පැවති ආසියානු වෙරළ දැල් පන්දු තරගාවලියේ සමාප්ත සමාචාර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි හේමසිරි ප්‍රනාන්දු  එම ප්‍රකාශය සම්බන්ධයෙන් තව දුරටත් කරන ලද කරුණු විමසිමක දී දැල්පන්දු ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙන ආ හැකි ක්‍රීඩාවක් ලෙස සැළකිය හැකි බවත් මෙම තත්ත්වයන් සැළකිල්ලට ගෙන සත්කාරක ඉන්දියාවේද සහය ලබා ගෙන 2013 දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලට ද දැල් පන්දු ක්‍රිඩාව ඇතුළත් කිරිමට හැකි වෙනු ඇතැයි ද විහ්වාසය පළ කළේය.
ජාත්‍යන්තර වශයෙන් සහ ආසියාතික ඔලිම්පික් කමිටු ප්‍රධානින් අතර විශේෂ සැළකීමක් ඇති පුද්ගලයෙකු ලෙස ප්‍රකට හේමසිරි ප්‍රනාන්දු 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය පතා ජාතික ඔලිම්පික් කමිටුව ඉක්මවා යමින් ඇතැමෙකු විසින් කරන්නට යෙදුණ දැවැන්ත ව්‍යාපාර පරාජයට පත් වෙද්දී එවැනි කිසිදු වැයක් නොමැතිව,2017 යොවුන් පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට නිතරගයෙන්ම දිනා දුන්නේ ඒ සම්බන්ධයෙන් තරග කරන්නට සිටි රටවල් හා සුහදව කරන ලද සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස ය.ඒ නිසා එවැනි ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති පුද්ගලයෙකු ලෙස හේමසිරි ප්‍රනාන්දු විසින් දැල් පන්දුවට දක්වන්නට යෙදෙන දායකත්වය ශ්‍රී ලාංකේය දැල් පන්දුවට විශේෂ අවස්ථාවක් වනු සැක නැත.
www.supirikrida.com

No comments: