
පිළිතුරු ඉණිමට පිවිසි ශ්රී ලංකාව දැවැන්ත ඉලක්කය හේතුවෙන් යම් තැති ගැන්මකට ලක් වී සිටි බවක් පැහැදිළි කළ අතර එහි ප්රතිපලයක් ලෙස තිලකරත්න ඩිල්ෂාන් ගේ කඩුල්ල දුවද්දී දැවී යාමක් ලෙස දකුණු අප්රිකාවට පූජා කරද්දී ලකුණු පූවරුව ලකුණු 4 ක් පමණක් විය.ඩිල්ෂාන් ට ලකුණු ලබා ගැනීම සදහා එක් පන්දුවකට හෝ මුහුණ දීමටවත් අවකාශ නොලැබිණ.අනතුරුව මහේල ද දකුණු අප්රිකාව විසින් දවා ගන්නා කඩුලු පෝලිමට එක් වීමෙන් පීඩනය දෙගුණ තෙගුණ වූ අතර නවක ඩිල්ෂාන් මුණවීර එම පීඩනය ඉදිරියේ ලකුණු ලැබීමට උත්සාහ ගන්නෙකු පමණක් වූ අතර ඔහු ලකුණු 13 ක් සහ සංගක්කාර ලකුණු 13 ක් ලබමින් ශ්රී ලංකා ඉණිමේ වැඩිම ලකුණුලාභීන් වූහ.කඩුලු අතර දිවීමෙන් ලකුණු ලබා ගැනීමේ පාඩම උගත් බවක් පෙනෙන්නට නොතිබි අතර ඇතැම් විට අප ක්රීඩක සිරුරු ඒ තරමට ජවය සහ වේගය සහිත සිරුරු නොවිමද ප්රායෝගිකව එයට හේතු වන්නට ඇත.
පන්දු ඕවර් 7 තුළ ශ්රී ලංකාව කඩුලු 5 ට ලබා ගත් ලකුණු 46 තුළ 4 පහර 4 ක් පමණක් සටහන් වූ අතර ඉතිරි පන්දු 38 ක් තුළ ඔවුන් ලබා ගෙන ඇත්තේ ලකුණු 30 ක් පමණකි.මේ වෙනස දකුණු අප්රිකාව සහ ශ්රී ලංකාව අතර ජය පරාජය තීරණය කළ විශාල සාධකයක් වූ අතර එය මෙම තරගාවලියේ ඉදිරි තරග වලදී ශ්රී ලංකාවට පමණක් නොව දකුණු අප්රිකාව සමග තරග වදින සෙසු කණ්ඩායම් වලට ද විශාල අභියෝගයක් වනවාට සැක නැත.පන්දු 13 කින් ( 6 x 2 සහ 4 x 1 ) ලකුණු 30 ක් ලැබු ඩිවිලියර්ස් තරගයේ වීරයා වූ අතර ඔහු පන්දු 3 කින් ලකුණු 16 ක් ලබා ගන්නා අතරේ පන්දු 10 දී ලකුණු 14 ක් ලබා ගත්තේ කඩුලු අතර වේගවත් ධාවනයට ඇති සිය හැකියාව උපරිමයෙන් ප්රදර්ශනය කරමින්ය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/match/533278.html
www.supirikrida.com
3 comments:
මේ ලිපියේ බොහෝ කරුණු වලට එකඟ වන අතර යම් කරුණක් එක් කිරීමට කැමැත්තෙමි. මේ තරඟය ඔවුන් ජය ගන්නේ පන්දු රැකීම අතින් ඔවුන් අපට වඩා ඉදිරියෙන් සිටීමෙන්ය. ඔවුන් එක ලකුණ දෙක කර ගන්නේ අපේ අයගේ පන්දු රැකීමේ දුර්වලතා නිසාය. ඒ වාගේම අපිට 2ක් ලබා ගත හැකි ඒවා එක් ලකුණක් බවට පත් කරන්නේ ඔවුන් පන්දු රැකීමේ දක්ෂ නිසාය. මෙය වෙනත් ආකාරයකින් කඩුලු අතර දිවීමේ දක්ෂතාවය නිසා බවටද තර්ක කල හැක. ඔබ පවසන ආකාරයටම ඔවුන් අපට වඩා වේගවත් ජාතියක් වීම මේ කෙටි තරගයේ ජයට හේතු විය. මුලින් පන්දුවට පහ දීමේදී අඩු පීඩනයක් යටතේ නිදහසේ ලකුණු රැස් කිරීමට හැකි බව මෙම තරගයෙන් ඉතා හොඳින් ප්රදර්ශනනය වුවා. ඔවුන්ගේ වේග පන්දු යවන්නන්ගේ උසද යම් ප්රමාණයකට ඔවුන්ට වාසියට හිටියා. ඔවුන් අපට වඩා හොඳ දොලනයකින් පන්දු යොමු කළා. අපේ අය පන්දුවට පහර දෙන ක්රීඩකයා එහා මෙහා යාමේදී පන්දුව එම ක්රීඩකය දෙසටම එල්ල කරන්න යාමෙන් හෝ ඔහු නැති අතින් යවන්නට ගොස් වයිඩ් පන්දු කිහිපයක්ම යවන්නට සිදු වුනා. එහෙත් කල යුත්තේ කඩුල්ල වෙත පන්දුව යොමු කිරීමයි. එවිට ඔවුන් ලකුණු ලබා ගන්නවා නම් ඔවුන්ගේ දක්ෂතාවයි. ඔවුන් වරදක් කලොත් පන්දුව කෙලින්ම කඩුල්ලේ වදියි. අපේ අය මෙතනදී පෙන්නුම් කලේ ආධුනික ගතියකි. එහෙත් මාලිංග ආධුනිකයෙක්ද ? යෝකර් යැවීමේ විසේසඥයා ඔහු නොවේද? අජන්ත මෙන්ඩිස්ට සැබවින්ම ආබධයක්ද නැතහොත් රංගන ඇතුලත් කලාද ?
බොහොමත්ම ස්තූතියි අදහසට.නමුත් තරගය තුළ ශ්රී ලංකාවත් හොද පන්දු රැකීමක නිරත වුණා.ඒ නිසයි ඒ දෙක සංසන්දනය නොකරන්න වග බලා ගත්තේ.ඔබ මතු කරන වේගවත් ජාතියක් වීම කියන කාරණය ඉතාමත් වැදගත්.ඒ සදහා ඔවුන් මෙහෙයවන ක්රීඩා සංස්කාතියක් මෙන්ම රටේ එක් ක්රීඩාවකට වෙන් නොවූ ක්රීඩා සංස්කෘතියක් තිබෙනවා.එවැනි කරුණු ඉතාමත් වැදගත්.හැකිනම් එවැනි වැඩි අවධානයක් යොමු නොවන කරුණු ගැන ඔබට හැකිනම් අප වෙබ් අඩවියට ලියන්න.බොහොම ආදරයෙන් අපි ඒවා පිළිගන්නවා
Post a Comment