ලොව සිටින හොදම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස මෙවර අයිසීසී සම්මාන දිනූ ස්ටෙෆ්නී ටේලර් ඇතුළු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 6 ක් අති විශිස්ඨ ජයක් වාර්තා කරන්නට සමත් වූහ.ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන 20 / 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොදෙව් සහ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් අතර තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රහණයට පදනම දැමූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම නිසා ටේලර් ඇතුළු ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුටම නැවත ක්‍රීඩාගාරයේ අසුන් ගැනීමට සිදු වූයේ දුවද්දී දැවී ගොස් ය.
එසේම ශ්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන සිය තුන් ඉරියව් දස්කම් වලින් කොදෙව් ක්‍රීඩිකාවන්ට දැඩි තර්ජනයක් එල්ල කළ අතර ශ්‍රී ලංකාව පන්දු ඕවර් 10 දී කඩුලු තුනක් දැවී ලබා ගත් ලකුණු 50 න් ලකුණු 18 ක් ම නොදැවී රැස් කළේ ඇය ය.පන්දු යැවීමේන්ද ශෂිකලා ලකුණු 4 ට කඩුලු 2 ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් හොදම පන්දු යැවිම ප්‍රදර්ශනය කළ ක්‍රීඩිකාව වූවා ය.පන්දු ඕවර් 8 දී ලකුණු 48 ක් ලබා ගැනීමට ගිය ගමන ලකුණු 42 දී නිම වෙද්දී කොදෙව් ක්‍රීඩිකාවන්ට කඩුළු අටක්ම අහිමි කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම ඉහළ මට්ටමක පවතීම පැවත්වීමට නියමිත නවසීලන්තය අතර තරගයට විශාල ශක්තියක් වනු නිසැකය.තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපීමෙන් ප්‍රවේශ විය හැකිය.
http://www.espncricinfo.com/icc-womens-world-twenty20-2012/engine/current/match/533304.html
www.supirikrida.com

No comments:
Post a Comment