
සිය ඇකඩමියට සම්බන්ධ පුහුණුකරුවන් පුහුණු කටයුතු කරන පාසල් මෙන්ම සිය ඇකඩමියේ පාසල් වයසේ පුහුණුව ලබන සිසුවියන් ගේ දායකත්වයෙන් සකස් කර ගන්නා කණ්ඩායම් දෙකක් ද මෙම තරගාවලියේදි ක්‍රීඩා කරනු ඇති බව ඇය තව දුරටත් අනාවරණය කළාය.ඇකඩමිය කේන්ද්‍රීයව පවතින අංගම්පිටිය ක්‍රීඩා පිටියේ දී මෙම තරගාවලිය පැවත්වෙන බව පැවසූ ඇය,එම තරගාවලිය නොවැම්බර් 03 දා පැවත්වීමට නියමිත බව ද පැවසුවාය.
ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයකට මාර්ගෝපදේශකත්වය සැපයූ සහ ඔවුන්ගේ හැකියාවන් ඔප මට්ටම් කිරීමට දායක වූ කෝට්ටේ දැල්පන්දු ඇකඩමිය හරහා පෙරට පැමිණි විශාල ක්‍රීඩිකාවන් පිරිසක් මෙම තරගාවලියට ආශිර්වාදය කිරීමට එක් වනු ඇති බව ද ශ්‍යාමා පවසන්නීය.
www.supirikrida.com
No comments:
Post a Comment