
සුනිල් පවසන ආකාරයට මලල ක්‍රීඩා සංගමය සහ ක්‍රීඩා අමාත්‍යංශය පදක්කම් අපේක්ෂාවෙන් ක්‍රීඩක සංවර්ධනය පිණිස අරඹන ලද සාර්ථකම වැඩ සටහන ක්‍රීඩා අමාත්‍යවරයාගේ සංකල්පයක් මත අරඹන ලද OPERATION SAG වන අතර පළමු අවස්ථාවේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ක්‍රීඩා විෂය සම්බන්ධයෙන් කුමක් කරන්නේදැයි වික්ෂිප්තව බලා සිටියද අද වන විට පරිපාලකයෙකු ලෙස මනා අවබෝධයකින් සහ සැළසුමකින් යුතුව ඔහු ලාංකේය ක්‍රීඩාව නිවැරදි දිශාවකට යොමු කරමින් සිටින බව පවසන්නේය.1991 දී අපට පදක්කම් 12 ක් දිනා ගෙන මලල ක්‍රීඩාවෙන් ඉන්දියාව අබිබවා යන්නට ශ්‍රී ලංකාව සමත් වූ සේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ විඩ පිලිවෙළ මත ලැබෙන පහසුකම් පාදක කර ගෙන ඊටත් වඩා ජයක් ලැබීමට අප උත්සාහ කළ යුතු බව ද සුනිල් ජයවීර පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව දිනා ඇති ජාත්‍යන්තර පදක්කම් සටහනේ 51% ශ්‍රී ලංකාව දිනා ඇත්තේ මලල ක්‍රීඩාවෙන් බව ද,ආසියානු පදක්කම් 100% ක් මෙන්ම දිනා ගෙන ඇති ඔලිම්පික් පදක්කම් දෙක සහ පැරා ඔලිම්පික් පදක්කමද ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ මලල ක්‍රීඩාවෙන් බව පෙන්වා දුන් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණ ලබා දෙන ක්‍රීඩාවක් ලෙස මලල ක්‍රීඩාවේ දියුනුවට සෑම පහසුකමක්ම ලබා දිය යුතු බව පෙන්වා දුන්නේය.
මලල ක්‍රීඩාවට වාර්ශිකව රැපියල් ලක්ෂ 230 ක අනුග්‍රහයක් ලබා දෙන ලංකා බැංකුව දක්වන කැපවීම ඇගයීමට ලක් කළ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරියේදී ලංකා බැංකුව මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනෙකු වෙනුවෙන් රැකියා අවස්ථා ඇති කිරීමට ද එකග වී ඇති බව පෙන්වා දුන්නේය.එළැඹෙන දකුණු ආසියාතික තරගාවලිය ඉලක්ක කර ඇති කර තිබෙන මලල ක්‍රීඩා ජාතික සංචිතය,පුහුණුකරුවන් සහ සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීම සදහා සංවිධානය කරන්නට යෙදුණ වැඩ මුළුවකදි සුනිල් ජයවීර සහ අමාත්‍යවරයා මෙම අදහස් පවසන්නට යෙදුණ අතර මෙම අවස්ථාවට මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක මෙන්ම ප්‍රවීන පුහුණුකරුවන් වන යෝගානන්ද විජේසුන්දර සහ සුනිල් ගුණවර්ධන ද එක් ව සිටියහ.
www.supirikrida.com
No comments:
Post a Comment