ප්‍රවීන බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එස් එන් හීල්බත්දෙණිය ට රෝහල් ගත වන්නට මුෂ්ටි පහරක් එල්ල කළ ගුවන් හමුදාවේ මොහොමඩ් ඩිල්ෂාන් මෙවර ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා වුව ද,ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය මෙවර ක්ලිෆර්ඩ් සූරයන් වීම වළක්වන්නට එය ප්‍රමාණවත් නොවිණ.ඩිල්ෂාන් ගේ එම ප්‍රහාරය අති විශිෂ්ඨ දස්කමක් ලෙස සැළකිය හැක්කේ ඒ වන විට ගණණය කිරීමකට ලක්වන ප්‍රහාරයකට හීල්බත්දෙණිය වෙතින් ලක් වී තිබීම නිසා සහ ලකුණු ප්‍රමාණය අතින් ද හීල්බත්දෙනිය ඉදිරියෙන් සිටිය දී එවැනි ප්‍රහාරයකට පිවිසීම සදහා ඔහුට විශ්වාසයක්,ශක්තියක් සහ මානසික ඒකාග්‍රතාවයක් තිබීම නිසාය.
කෙසේ නමුත් ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ පිරිමි මෙන්ම කාන්තා අංශයෙන් ද MAS ආයතනයට සම්බන්ධ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය සහ මාස් සදර්න් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය ලැබීම කැපී පෙණින.සෑම තරගාවලියක දී මෙන්ම මෙම තරගාවලියේදී ද මාස් හා සම්බන්ධ ක්‍රීඩක ක්‍රීඩිකාවනට අනෙකුත් ක්‍රීඩා සමාජ හා එක්ව විරෝධය දැක්වීම සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණ වලදී විනිශ්චය විරෝධයට ලක් කරමින් කටයුතු කිරීම මෙහිදී ද දක්නට ලැබිණ.සැබවින්ම ඇතැම් තීරණ පිලිබදව සැක සහිත බවක් පෙණුන ද,එම විනිශ්චයන් සදහා සහභාගි වන වැඩි පිරිසකට අනෙකුත් ක්‍රීඩා සමාජ සමග නෑ සබදකම් තිබීම ගැන ද මෙහිදී අවදානයට ලක් විය යුතුය.
එම විනිශ්චයන් නිවැරදි ද නොවන්නේද යන කාරණය පිළිබදව සැක සිතෙන තරමටම එම විනිශ්චයන්ට සම්බන්ධ මාස් නොවන බහුතරයකගේ තීරණ මාස් වෙත පක්ෂග්‍රාහී විම යන්න විනිශ්චය සාධාරණ වීමටත් වඩා තමන්ගේම හෘද සාක්ෂියට එරෙහි වීමකි.කෙසේ නමුත් මෙම විරෝධය සියයට සියයක් අසාධාරණ නොවිය හැකි නමුදු සෑම කණ්ඩායමක්ම සිය පොදු හතුරා ලෙස මාස් සැළකීම රටේ බොක්සිං ක්‍රීඩාව පිළිබදව නැවත සිතා බැලීමට වන තත්ත්වයක් උදා කරන්නේය.එම ආයතනික මූල්‍ය සම්පත් මූලික කොට යැපෙන ලාංකේය බොක්සිං ක්‍රීඩාව මාස් සතුරෙකු කොට ප්‍රතිපක්ෂව සිට ගැනීම යනු ස්වීය හෘද සාක්ෂියෙන් කෘතවේදීත්වයේ වර්ගපලය ගැන ප්‍රශ්න කිරිමකි.
මාස් සහ සෙසු කන්ඩායම් වල මාස් විරෝධතාවය අතර ඇති ඓන්ද්‍රීය ගනු දෙනුව ඇති නැති පරතරය විසින් මතු කිරීමක් ලෙස හැදින්වීමට හැකි අතර මාස් ද ඇතුළුව සියල්ලෝම මෙවැනි ජාතික මට්ටමේ තරග වල දී ජාතික සම්පත් රැක ගැනීම සහ ඔවුන්ට හෘදයාංගමව සුබ පැතීම යන්න ලංකාවේ බොක්සිං ක්‍රීඩාවේ ප්‍රගමනයට හේතුවන බව අපේ විශ්වාසය වන්නෙමු.
එසේම මාස කිහිපයක් විදේශ ගතව සිට පැමිණ නැවත බොක්සි පිටියට පා තැබූ MAS ක්‍රීඩා සමාජයේ නිරංජලා සේනානායක දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව වූවා ය.ඇයගේ කැපවීම සහ හැකියාව පිලිබද නිදර්ශනයක් ලෙස එම දක්ෂතාවය හැදින්විය හැකිය.
තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ ඉන්දික පෙරේරා තේරී පත් වූ අතර දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූයේ එච්එස් ප්‍රියදර්ශණීය.
www.supirikrida.com
කෙසේ නමුත් ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ පිරිමි මෙන්ම කාන්තා අංශයෙන් ද MAS ආයතනයට සම්බන්ධ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය සහ මාස් සදර්න් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය ලැබීම කැපී පෙණින.සෑම තරගාවලියක දී මෙන්ම මෙම තරගාවලියේදී ද මාස් හා සම්බන්ධ ක්‍රීඩක ක්‍රීඩිකාවනට අනෙකුත් ක්‍රීඩා සමාජ හා එක්ව විරෝධය දැක්වීම සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණ වලදී විනිශ්චය විරෝධයට ලක් කරමින් කටයුතු කිරීම මෙහිදී ද දක්නට ලැබිණ.සැබවින්ම ඇතැම් තීරණ පිලිබදව සැක සහිත බවක් පෙණුන ද,එම විනිශ්චයන් සදහා සහභාගි වන වැඩි පිරිසකට අනෙකුත් ක්‍රීඩා සමාජ සමග නෑ සබදකම් තිබීම ගැන ද මෙහිදී අවදානයට ලක් විය යුතුය.
ප්‍රියදර්ශණී,ඩිල්ෂාන්,නිරංජලා සහ පෙරේරා |
මාස් සහ සෙසු කන්ඩායම් වල මාස් විරෝධතාවය අතර ඇති ඓන්ද්‍රීය ගනු දෙනුව ඇති නැති පරතරය විසින් මතු කිරීමක් ලෙස හැදින්වීමට හැකි අතර මාස් ද ඇතුළුව සියල්ලෝම මෙවැනි ජාතික මට්ටමේ තරග වල දී ජාතික සම්පත් රැක ගැනීම සහ ඔවුන්ට හෘදයාංගමව සුබ පැතීම යන්න ලංකාවේ බොක්සිං ක්‍රීඩාවේ ප්‍රගමනයට හේතුවන බව අපේ විශ්වාසය වන්නෙමු.
එසේම මාස කිහිපයක් විදේශ ගතව සිට පැමිණ නැවත බොක්සි පිටියට පා තැබූ MAS ක්‍රීඩා සමාජයේ නිරංජලා සේනානායක දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව වූවා ය.ඇයගේ කැපවීම සහ හැකියාව පිලිබද නිදර්ශනයක් ලෙස එම දක්ෂතාවය හැදින්විය හැකිය.
තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ ඉන්දික පෙරේරා තේරී පත් වූ අතර දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූයේ එච්එස් ප්‍රියදර්ශණීය.
www.supirikrida.com
No comments:
Post a Comment