
ඒ අනුව සුපිරි අට වටය අරඹමින් ශ්‍රී ලංකාව තරග බිමට පිවිසෙන්නට නියමිත අතර ඒ නවසීන්තයට එරෙහිව හෙට ය.(27) ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය 29 දා පල්ලේකැලේ දී පවත්වන අතර එහිදී ප්‍රතිවාදී කණ්ඩායම වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමය.ඔක්තෝමබර් 1 දා දා සුපිරි අට වටයේ ශ්‍රී ලංකාවට හිමි අවසාන තරගය වන එංගලන්තයට එරෙහිව මුහුණ දෙන අතර එම තරගයද පල්ලෙකැලේ දීම පැවත්වීමට නියමිතය.
තරගාවලියේ අවසාන පූර්ව වටය සදහා මෙම සුපිරි අට වටයේදී පළමු සහ දෙවන කාණ්ඩ වලින් කණ්ඩායම් දෙක බැගින් තෝරා ගැනීමට නියමිත අතර එය ජයග්‍රහණ මත ද ජයග්‍රහණ සමාන තත්ත්වයේ පැවතුණහොත් එහිදී ලකුණු වේගය මත ද කණ්ඩායම් අවසාන පූර්ව තරග සදහා තෝරා ගැනෙනු ඇත.අවසන් පූර්ව තරග ඔක්තෝම්බර් 4 දා සහ 5 දා පැවත්වීමට නියමිතය.
www.supirikrida.com
No comments:
Post a Comment