දැනට ශ්‍රී ලංකා වෙඩි තැබීමේ ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩිකාවක් ලෙස සැළකෙන රුවිනි අබේමාන්න මෙවර ජාතික වෙඩි තැබීමේ සූරතාවලියේදී පිස්තෝල ඉසව්වේ හොදම වෙඩික්කාරිය වෙමින් තමන් තවමත් ඉහළ මට්ටමක පසුවන බව තහවුරු කළාය.දැනට MAS සමූහයේ සේවය කරන රුවිනි මෙන්ම එම සමුහයට අයත් සුරංග ප්‍රනාන්දු පිරිමි අංශයේ දක්ෂතම වෙඩික්කරු ලෙස ද ඇගයීමට ලක්විය.
පිරිමි රයිෆල් අංශයේ දක්ෂතම වෙඩික්කරු ලෙස මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ මංගල සමරකෝන් තේරී පත් වූ අතර දක්ෂතම රයිෆල් වෙඩික්කාරිය වූයේ මධුෂානි වටරැක ගමගේ යි.
කළුතර නාවික හමුදා වෙඩි පිටිය කේන්ද්‍ර කර ගනිමින් පැවති මෙ ජාතික තරගාවලියේ සමාප්ත සමාචාර උත්සවයේ ප්‍රදාන ආරාධිතයා ලෙස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ සහභාගි වූ අතර එහිදී ඔහු සබාව අමතමින් ප්‍රකාශ කළේ වෙඩි තැබීමේ ඉසව්ව පාසල් මට්ටමින් ව්‍යාප්ත කරමින් ක්‍රීඩාවේ ඉදිරි වර්ධනය පිණිස කටයුතු කරන බවය.
www.supirikrida.com

No comments:
Post a Comment