
මේ තත්ත්වය මත ඊයේ අයර්ලන්ත තරගය ජය ගැනීම ජය පරාජයෙන් තොරව අවසන් වීම යන කරුනු දෙක මතම කොදෙව්වන්ට සුපිරි අට වටයට පිවිසිමට අවස්ථාව තිබුණු අතර අයර්ලන්තයට අනිවාර්යයෙන්ම කොදෙව්වන් පරාජය කළ යුතුව තිබිණි.තරගාවලියට පිවිසෙන විටම පෙරළිකාර කණ්ඩායමක් විය හැකි බවට ඉගි සපයා තිබුණු අයර්ලන්තය,කොදෙව්වන් ඉදිරියේ හොදින් පන්දුවට පහර දුන් අතර පන්දු ඕවර් 19.දී තරගය වර්ෂාව මත අතහැරීමට තීරණය කරන විට ඔවුන් කඩුලු 96 ට ලකුණු 129 ක් ලබා සිටියේය.
අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයා වූයේ ප්‍රතට ඕබ්‍රයන් පවුලේ නීල් ඕබ්‍රයන් ය.ඔහු ලකුණු 25 ක් ලබන්නට සමත් විය.ප්‍රහාරක පිතිකරු ක්‍රිස් ගේල් ට ඊයේ පිත්ත එසවීමට වර්ෂාව ඉඩ නොදුන්න ද පන්දු යවමින් කොදෙව් කණ්ඩායමේ සාර්ථකම පන්ද් යවන්නා වූවේ ලකුණු 21 ට කඩුලු 2 ක් දවා ගනිමින්ය.තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.
www.supirikrida.com
No comments:
Post a Comment