Jul 27, 2012

CSN එල්ලේ කළුවරට විදුලි ආලෝකය දෙයි

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා රූපවාහිණි නාලිකාව වන  CSN  විසින් පවත්වන්නට යෙදෙන ජාතික එල්ලේ තරගාවලියේ අවසාන තරගය විදුලි ආලෝකය මධ්‍යයේ කොළඹ සුගතදාස පිටියේදී පවත්වන්නට සූදානම් බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.කලක් ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස පිළිගත් එල්ලේ වොලිබොල් ජාතික ක්‍රීඩාව වීමෙන් ඉනික්බිති දෙවන තැනට පත්විණ.
ලංකාවටම ආවේනික වීම මෙන්ම බොහෝ විට එල්ලේ ක්‍රීඩාවේ නියැලෙන්නන් පහළ මධ්‍යම පංතික සමාජය නියෝජනය කරන්නන් වීම නිසා එය එක් දිගට සීඝ්‍ර වර්ධනයකට ලක් නොවුණු අයුරක් දැකිය හැකිය.මේ තත්ත්වය මත ජාතික ක්‍රීඩාවේ සිටපහළ බැසීම මෙන්ම ලංකාවටම ආවේනික වූ ක්‍රීඩාවේ ජනතා ආකර්ශණයද ක්‍රමිකව පහළට තල්ලු වී ගියේය.
එවැනි වාතාවරණයක CSN නාලිකාව ජාතික තරගාවලියේ නිල අනුග්‍රාහකත්වය දරමින් එහි අවසාන තරග විදුලි ආලෝකය මධ්‍යයේ පවත්වන්නට යෙදීමත් යළි එල්ලේ ක්‍රීඩාවට විශාල සමාජ ආකර්ශණයක් ඇති කරවන සුළු සත් කාර්යයකි.
www.supirikrida.com

No comments: