Jul 23, 2012

ලංකා වොරියර් තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා මංජුල කුමාර


මංජුල කුමාර

මීටර් 1500 ජයගත් සහෝදරියෝ තිදෙන
ළමු වරට සංවිධානය කරන්නට යෙදුණ ලංකා වොරියර් මලල ක්‍රීඩා සූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාණනීය වන්නට ජාතික උස පැනීමේ තරග වාර්තාලාභියා වන මංජුල කුමාර සමත් වුණා.උස පැනීමේ ඉසව්වේ දී මීටර් 2.20 ක දක්ෂතාවයක් දැක් වූ මංජුල,ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ ලකුණු සටහනට අනුව,තරගාවලියේ දක්ෂතා අනුව ඉහළම ලකුණු ප්‍රමාණය ලබා ගත් තරගකරු ලෙස මෙහිදී සම්මාණනීය වූවා.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ ලකුණු සටහනට සාපේක්ෂව,ශ්‍රී ලංකාවේ පවතින ජාතික වාර්තා ඒ,බී සහ සී ලෙස වර්ගීකරණය කර එහි ඒ ශ්‍රේණියේ වාර්තාවකට රුපියල් ලක්ෂයක්,බී ශ්‍රේණියේ වාර්තාවකට රුපියල් පනස් දහසක් සහ සී ශ්‍රේණියේ වාර්තාවකට රුපියල් විසිපන් දහසක් පිරි නැමීමට කටයුතු යොදා තිබුණත් කිසිදු ක්‍රීඩක ක්‍රීඩිකාවක් එවැනි හැකියාවක් පෙන් වූයේ නැහැ.
තරගාවලියේ ලයන් වොරියර් අනුග්‍රහය සදහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දෙනෙකු තෝරා පත් කර ගන්නට නියමිත වූ අතර,එහිදී ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ ලකුණු සටහනට අනුව දැක් වූ දක්ෂතා සැළකිල්ලට ගෙන එම් ජීඑස් ගුණතිලක,ඩීඑම් එරන්ද,අයිඩීඑස්එස් ජයසිංහ,ඒඩබ්ලිව් ආර් සචිත්,මිලාන් මධුෂ්ක දිසානායක,තරංගා විනෝදනී,අචලා ඩයස්,ටීජීඑස් ප්‍රනාන්දු,සලින්ද රන්දීව සහ එම්ජීඑස් ගුණතිලක  සුදුසුකම් ලබා ගත්තා.
තරංගා විනෝදනී
තරගාවලියේ කාන්තා මීටර් 1500 ඉසව්ව එකම පවුලේ සොහොයුරියන් තිදෙනෙක් විසින් ජය ගැනීම දුර්ලභ සිදු වීමක් වූ අතර එසේම කාන්තා තුන් පිම්ම ඉසව්වේ ප්‍රථම සහ දෙවන ස්ථාන නිවුන් සොහොයුරියන් විසින් දිනා ගැනීමත් කැපී පෙණුනා.කලකට පසුව හොද කාලයක් වාර්තා කිරීමට අපොහොසත් වුව ද, උමංග සුරේන්ද්‍ර මීටර් 100 ඉසව්වේ ජයග්‍රහණය ලැබීම කැපී පෙණුනා.
තරගාවලියේ සමස්ථ ප්‍රතිපල සටහන www.supirikrida.com වෙතින් ලබා ගැනීමේ හැකියාව ඇත.
ඡායා.: සුන්දර් රාජ්

No comments: